
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සේවයට වාර්තා නොකර මත්තේගොඩ නිවසක සැඟවී සිටි 22 හැවිරිදි සෙබළියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොකාවිල් සහ සඳුන්පුර යුද හමුදා කඳවුරුවලට අනුයුක්තව සේවය කළ මෙම සෙබළියන් හසලක, දෙනිපිටිය සහ පොල්ගස්ඕවිට ප්‍රදේශවල පදිංචිකාරිනියන්ය.
පොල්ගස්ඕවිට ප්‍රදේශයේ සෙබළිය නිවාඩු ලබා සිටි අතර අනෙක් දෙදෙනා ඇය බැලීමට පැමිණ දින කිහිපයක් එම නිවසේ රැඳී සිට තිබේ.
ඔවුන් පැමිණ සිටින බව නිවසේ පදිංචිකරුවෙක් පොලිසිය 119ට පැමිණිලි කර ඇත.
විමර්ශනය කිරීමේදී සෙබළියන් සැබවින්ම සේවය අතහැර යන බව පොලිසියට අනාවරණය වී තිබේ.
වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් යුද හමුදාව වෙත භාර දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart