May 12, 2024

සීමාසහිත කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ (පෞද්ගලික) සමාගම නෙළුම් කුළුණ මුදුණේ සිට පැරෂුට් පිමි පැනීම අද සිට දින තුනක කාලයක් පැවැත්වෙන බව නිවේදනය කර තිබේ.

අන්තර්ජාතික බේස් ජම්පර්ස් සාමාජිකයන් එහිදී කුසලතා ප්‍රදර්ශනය කරන බව ඔවුහු පැවසූහ.

මෙම අවස්ථාව නැරඹීමට පැමිණෙන ලෙස නෙළුම් කුළුණ කළමනාකාරීත්වය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එහි කාලසටහන පහත පරිදි වේ.

මැයි 12 දින පස්වරු 1 සිට සවස 6 දක්වා
මැයි 13 පෙරවරු 9 සිට රාත්‍රී 9 දක්වා
මැයි 14 පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා