
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය ඊයේ(16) නිමාවට පත්විය.
ඒ පදක්කම් සටහනේ සිව්වන ස්ථානය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිකරදෙමිනි.
25 වසරක ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව දැක්වූ ඉහළම දක්ෂතාව මෙයයි (2002 වසරේදී 06වැනි ස්ථානය)
සමස්ත තරගාවලිය පුරා ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 03ක්, රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 03ක් සමඟ සමස්ත පදක්කම් 08ක් දිනාගනු ලැබීය.
මෙය ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියක ශ්‍රී ලංකාව දිනාගත් ඉහළම පදක්කම් සංඛ්‍යාවයි.
මීට පෙර 2007 වසරේදී රන් පදක්කම් 03ක්, රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
මෙවර ශ්‍රී ලංකාව දිනූ පදක්කම් මෙසේයි
? තරුෂි කරුණාරත්න – මීටර් 800 කාන්තා (නව තරගාවලි වාර්තාවක් සහ ශ්‍රී ලංකා වාර්තාවක්)
? නදීෂා රාමනායක – මීටර් 400 කාන්තා (පෞද්ගලික හොඳම දක්ෂතාව)
? මීටර් 400×4 පිරිමි සහාය දිවීම (නව තරගාවලි වාර්තාවක්)
අරුණ දර්ශන , කාලිංග කුමාරගේ , පබසර නිකූ , රාජිත රාජකරුණා
? මීටර් 400×4 කාන්තා සහාය දිවීම (නව ශ්‍රී ලංකා වාර්තාවක් )
නදීෂා රාමනායක , තරුෂි කරුණාරත්න , නිශේන්ද්‍රා ප්‍රනාන්දු , සයුරි මෙන්ඩිස්
? මීටර් 400×4 මිශ්‍ර සහාය දිවීම (නව ශ්‍රී ලංකා වාර්තාවක් )
නදීෂා රාමනායක , තරුෂි කරුණාරත්න , කාලිංග කුමාරගේ , අරුණ දර්ශන
? දිල්හානි ලේකම්ගේ – කාන්තා හෙල්ලය විසිකිරීම (නව ශ්‍රී ලංකා වාර්තාවක්)
? ගයන්තිකා අබේරත්න – මීටර් 800 කාන්තා
? ගයන්තිකා අබේරත්න – මීටර් 1500 කාන්තා
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart