
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද දහවල් දොළහට පමණ ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකය වෙත පැමිණියේය.
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අද (21) ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකය වෙත කැඳවා තිබිණි.
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටියේ පිහිටි පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත ප්‍රමෝද්‍ය පැමිණියේ සිය නීතිඥයා වූ ශිරාල් ලක්තිලකද සමගිනි.
ඔහුව මෙසේ කැඳවා තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය අවසන් කර දිවයිනට පැමිණීමේ දී ඔහු විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳව කරුණු විමසීමටය.
ක්‍රීඩාව සුදූට යටවී ඇති බවත් ඒ පිළිබඳව දින කිහිපයකින් ප්‍රකාශ කරන බවත් ඔහු එම අවස්ථාවේදී කියාසිටියේය.
එසේම ක්‍රිකට් අර්බුදය පිටුපස විශාල කුමන්ත්‍රණයක් පවතින බවද හෙතෙම එහිදී සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart