
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය අයවැය ඡන්දයේදී ජාතික ජන බලවේග පාලක කණ්ඩායමට පක්ෂව ඡන්දය ලබාදීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ කොළඹ මහනගර සභා මන්ත්රිනී සොහාරා බුහාරිගේ සුවදුක් බැලීමට නගරාධිපතිනි ව්රායි කැලී බල්තසාර් ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් සොහාරා බුහාරි සිය ෆේස්බුක් ගිනුමේ ඊයේ මෙසේ සටහනක් තබා තිබේ.
“අද දින මගේ සූව දුක් සොයා බැලීමට නිවසට පැමිණි ගරු නගරාධිපතිනිය ඇතුළු ගරු නාගරික මන්ත්රීවරුන් හා මන්ත්රීවරියන්ට මාගේ ස්තුතියි”
පක්ෂ නායක රවුෆ් හකීම් විසින් සිය පක්ෂයේ සාමාජිකයන්ට අයවැයට විරුද්ධ වන ලෙස පෞද්ගලිකව උපදෙස් දී තිබියදීත්, බුහාරි කොළඹ මහනගර සභා අයවැය යෝජනාවට පක්ෂව ඡන්දය දුන් බව ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ ලේකම් නිසාම් කාරියප්පර් විසින් පසුගියදාඅ නිකුත් කරන ලද ලිපියක සඳහන් වේ.
මුස්ලිම් කොංග්රසය ඇයගේ හැසිරීම “පක්ෂ විනය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක්” ලෙස සඳහන් කර ඇත.
සාමාජිකත්වය අවසන් කිරීම ඇතුළු විනය ක්රියාමාර්ග නොගතයුත්තේ මන්දැයි පැහැදිලි කරමින් සතියක් ඇතුළත දිවුරුම් ප්රකාශයක් ඉදිරිපත් කරන ලෙස එම ලිපියෙන් බුහාරිට නියෝග කර තිබේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart