March 22, 2024

ඒෂියා කැපිටල් පීඑල්සී හි සභාපති තිලංග සුම්පතිපාල මාර්තු 18 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

ඔහු එම තනතුරට පත් කරනු ලැබුවේ 2021 ඔක්තෝම්බර් මාසයේදීය.

ඔහු ආසියා කැපිටල් හි කිසිදු කොටසක් හිමිකර නොගත් අතර, එහි පාලනය මැලේසියානු ධන කුවේරයෙකු වන විජේස්වරන් එස්. විජයරත්නම් සතුය.

තිලංග සුමතිපාලගේ මෙම ඉල්ලා අස්වීම සිදු වූයේ මේ සතියේ සෙලාන් බැංකුව විසින් ඒෂියා කැපිටල් සමුහයට අයත් සමාගම් කිහිපයක රුපියල් බිලියන 1.6ක් සම්බන්ධයෙන් ‘පරාටේ ක්‍රමය’ ක්‍රියාත්මක වීමට පෙරය.