
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ව්‍යාජ ලිපි ලේඛන භාවිත කරමින් ගෙන්වා ඇති Human Immunoglobulin නමැති ප්‍රතිදේහ එන්නත් තොගය සිය නිෂ්පාදනයක් නොවන බව, මෙම වංචාව සම්බන්ධයෙන් දේශීය පාර්ශ්වයන් චෝදනා එල්ල කළ ඉන්දීය සමාගම පවසයි.
එවැනි එන්නතක් තම සමාගම නිෂ්පාදනය නොකරන බව අදාළ ඉන්දීය සමාගම ජාතික ඖෂධ නියාමන අධිකාරියට දැනුම් දී ඇත.
මෙම ඖෂධය තත්ත්වයෙන් අසමත් වීම නිසා ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙම ඉන්දීය නිෂ්පාදන සමාගමෙන් කරුණු විමසා තිබේ.
මේ වන විට හෙළිවී ඇත්තේ, මෙලෙස එන්නත් ආනයනය කළ බවට නම් සඳහන් කර ඇති ඉන්දීය සමාගම සැබැවින්ම ”සුදු ළූණු” වලින් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කරන සමාගමක් බවයි.
තම සමාගම ශ්‍රී ලංකාවේ සැපයුම්කරුවෙක්ට ඖෂධ ලබාදී නොමැති බවත්, මෙම සැපයුම්කරු සිය සමාගමේ නාමය භාවිත කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත්, ඉන්දීය සමාගම ජාතික ඖෂධ නියාමන අධිකාරියට දැනුම් දී ඇත.
මෙම එන්නත සම්බන්ධව රේගු නිෂ්කාෂණ සඳහා ව්‍යාජ ලිපි ලේඛන ආගමන විගමන පාලකවරයා වෙත ඉදිරිපත් කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙම ගනුදෙනුවේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී අත්සන සහ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස යොදාගනිමින් ලිපි ලේඛන සකස්කර ඇත.
එම නිසා ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ පිළිබඳ පරීක්ෂණයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙරේදා (03) පැමිණිල්ලක් ගොනුකර තිබේ.
මෙම එන්නත භාවිත කළ කොළඹ, මහනුවර සහ මාතලේ යන රෝහල්වල රෝගීන් අසාත්මිකතා ඇතිවීම නිසා ලැබුණු පැමිණිලි මත භාවිතයෙන් ඉවත් කළ බවද, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එන්. ඩී. ජයරත්න නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart