
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුහුණු පොත (fb) හේතුවෙන් ලිංගාශ්‍රිත (සමාජ රෝග) මේ වසර තුළ දෙගුණයකින් වැඩි වී ඇති බව අනුරාධපුර ලිංගික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ ලිංගාශ්‍රිත රෝග ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීනී සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ හිටපු ප්‍රධාන වෛද්‍ය නිලධාරීනී වෛද්‍ය හේමා වීරකෝන් සඳහන් කරයි.
මේ අතරින් වැඩිම ලිංගාශ්‍රිත රෝගය (සමාජ රෝගය) වී ඇත්තේ සිපිලීස් හෙවත් උපදංශය රෝගය බවත් එච්අයිවී ආසාදිතයන් ද ඒ අතර සිටින බවත් හේමා වීරකෝන් වෛද්‍යවරිය සඳහන් කරන්නීය.
මුහුණු පොත හරහා හඳුනාගැනීමෙන් පසු වැඩි වශයෙන් පිරිමි පුද්ගලයින් මේ තත්ත්වයට භාජනය වන බව ද වෛද්‍යවරිය සඳහන් කළාය.
රෝගීන්ගෙන් ගත් තොරතුරු සහ දත්ත මත මේ තත්ත්වය පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීනි හේමා වීරකෝන් සඳහන් කරන්නේ, එකම කාන්තාව පිරිමි පුද්ගලයන් විශාල පිරිසක් සමග මුහුණු පොත මගින් හඳුනාගැනීම හේතුවෙන් මෙසේ සිදුවී ඇති බවයි.
එය එක් දිස්ත්‍රික්කයකට සීමා නොවී රට පුරා විවිධ ප්‍රදේශවල සිටින පුද්ගලයන් මේ තත්ත්වයට භාජනය වී ඇතැයි ද ඇය පෙන්වා දෙයි.
එහෙයින් මුහුණු පොත පරිහරණය කිරීමේදී ද ඉතාම සැලකිලිමත් වීම වැදගත් කාරණයක් බව ඇය පෙන්වාදුන්නාය.
සිපිලීස් නමැති රෝගය ඉපදීමේදී බෝවීම මෙරටින් වසර කිහිපයකට පෙර තුරන්කළද, එය ලිංගික සංසර්ගය මගින් තවමත් බෝවන රෝගයක් බව ද වෛද්‍ය හේමා වීරකෝන් සඳහන් කරයි.
එබැවින් මුහුණු පොත පරිහරණයේදී සැලකිලිමත් වන ලෙස වෛද්‍ය නිලධාරිනිය වැඩිදුරටත් ඉල්ලීමක් කළාය.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart