
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2021 කැරිබියන් සංචාරයේදී ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ජාතික සංචිතයට ඇතුළත් කිරීමට අකමැති වූ බවට ප්‍රධාන තේරීම් කමිටු සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කළ ප්‍රකාශ, හිටපු ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ප්‍රතික්ෂේප කරයි.
‘ටෙලිකොම් ඒෂියා ස්පෝර්ට්’ වෙත අදහස් දක්වමින් ආතර් පැවසුවේ වික්‍රමසිංහගේ ප්‍රකාශයන් ගැන තමා “ඉතා කලකිරීමට” පත් වූ බවත් එය සාවද්‍ය බවත්ය.
“නිවැරදි පුද්ගලයින් පැතුම් ගැන මට හැඟුණු ආකාරය හරියටම දන්නවා. ඔහු අපේ අනාගතය බවට කිසි විටෙකත් සැකයක් තිබුණේ නෑ” ආතර් පැවසුවේ තේරීම් කමිටු ප්‍රධානියාගේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරමිනි.
මෑතකදී ප්‍රධාන තේරීම් කමිටු ප්‍රධානියා ලෙස නැවත පත්කරන ලද ප්‍රමෝදය වික්‍රමසිංහ මීට පෙර පැවසුවේ, පැතුම් නිශ්ශංක ඇතුළත් කිරීම සඳහා තමාට බලපෑම් කිරීමට සිදු වූ බවත්, එවකට ප්‍රධාන පුහුණුකරු පතුම්ව කණ්ඩායමට ඇතුළත් කිරීමට පසුබට වූ බවත්, ඔහු තෝරා ගැනීමේ වගකීම තමා පෞද්ගලිකව භාරගත් බවත්ය.
පැතුම් නිශ්ශංකගේ තේරීම තනිකරම ක්‍රීඩා විලාසය සහ දක්ෂතාව මත පදනම් වූ බවත්, ඒ අවස්ථාවේ ඔහු දේශීයව ලකුණු ලබාගැනීම පෙන්වාදෙමින් තමා ඔහුව තෝරාගත් බවත්ය.
කෙසේවෙතත් පැතුම්ගේ වර්ධනය පිළිබඳව ප්‍රමෝදය දක්වන සිය පෞද්ගලික මැදිහත්වීම ආතර් අවතක්සේරු කරන අතර, පැතුම්ගේ සාර්ථකත්වයට ඔහුගේම කැපවීම සහ විනය බව පෙන්වාදෙයි.
“පැතුම්ගේ සාර්ථකත්වයට මට කිසිදු ගෞරවයක් අවශ්‍ය නැත. එය සම්පූර්ණයෙන්ම ඔහුගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට අයත් වෙනවා” ඔහු පවසයි.
පැතුම් නිශ්ශංක බටහිර ඉන්දීය කොදෙව්හි ටෙස්ට් මංගල තරගයේදී ශතකයක් ලබාගත් අතර, පසුව එංගලන්තයේ ඕවල්හිදී ශතකයක් ලබාගත්තේය.
එක්දින අන්තර්ජාතික තරගවලදී ද්විත්ව ශතකයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක් විය.
ඔහු දැනට ලොව ප්‍රමුඛතම T20 අන්තර්ජාතික පිතිකරුවන් අතර ශ්‍රේණිගත කර ඇත.
ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉවත් වූ මිකී ආතර් පවසන්නේ, ඔහුගේ පුහුණු ක්‍රමවේදය සැමවිටම තරුණ ක්‍රීඩකයන් නිවැරදි ලෙස හඳුනාගෙන ඔවුන්ට ඉහළම මට්ටමින් තිරසාර අවස්ථා ලබාදීම බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart