
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සාහයක් පවතින බවට සමගි ජන බලවේගය අද පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
පාර්ලිමේන්තුව අමතමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සිදුකළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ජනාධිපතිවරණය පිළිබඳ සඳහනක් නොමැති බවයි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සුදානම් වන බවත්, එමගින් ජනාධිපතිවරණය පැවැත්වීම ප්‍රමාද වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යෝජනා කරනකොට ආණ්ඩුව කියනවා අලුත් ව්‍යවස්ථාවක් හදන්න ඕන කියලා. එතකොට කියනවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න අවුරුද්දක්වත් ඕන කියලා,” මන්ත්‍රීවරයා පැවසීය.
මේ ක්‍රම හරහා ජනාධිපතිවරණය තවදුරටත් වසරකින් කල් දැමීමේ උත්සාහයක් පවතින බව කිරිඇල්ල මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart