April 16, 2024

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වී තිබේ.

නිවසේ පරිපථ සවීකිරීමකදී විදුලි සැර වැදුණු මන්ත්‍රීවරයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියයන විට පාලිත තෙවරප්පෙරුම හිටපු මන්ත්‍රීවරයා 64 වැනි වියේ පසුවිය.

ඔහු වනජීවී රාජ්‍ය ඇමතිවරයා ලෙසද කටයුතු කර තිබේ.