
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටක් වශයෙන් පොදුවේ පිළිගැනීමට කැමති වුවත්, අකැමති වුවත් ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර අපනයන ආනයන පරතරයේ අනුපාතය පවතින්නේ 1:10 ක් ලෙස බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
අවුරුදු 10 ක් පුරා අඛණ්ඩව පවතින්නේ එවැනි තත්ත්වයක් බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා පැවසුවේ, වර්තමානයේ පවතින තත්ත්වය අනුව මෙම වෙළඳාමේදී පවතින ගැටළුව අමෙරිකාව සමග සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතු බවයි.
ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදී යළි නැගී සිටීමට උත්සහ කරමින් සිටින රටක් බව ඔවුන්ට පෙන්වා දී ඒ හේතුවෙන් ආනයන බදු පැනවීමේදී වෙනම රටක් ලෙස ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටිය යුතු බවද මන්ත්‍රීවරයා පැවසුවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මෙම අදහස් පළකළේ, අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය විසින් පනවා තිබූ ආනයන බදු හා ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉකුත් දා පනවා තිබූ සර්ව පාක්ෂික සමුළුවට එක්වෙමින් ය.
අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ව්‍යාපාරිකයෙකු ලෙසින් බවත්, ඔහු ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රතිපත්ති කිසිවක් පිළිබඳ අවධානය යොමුකර නොමැති බවත් මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart