July 15, 2026

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එකට එක්වීම සම්බන්ධයෙන් සිදු කෙරෙන සාකච්ඡාවල සහ එම ක්‍රියාවලියේ යම් ප්‍රගතියක් ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය වූ දේශපාලන වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ නිහඬව සහ නිවැරදිව එම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බවයි.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ගෙන යාමට නම් සියලු පක්ෂ එකට එකතු වී කටයුතු කළ යුතු බව ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය යනු එකම පවුලක පක්ෂ දෙකක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා එම පක්ෂ දෙක එකතු වීම අත්‍යවශ්‍ය බව ද ප්‍රකාශ කළේය.