
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිපතිවරයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළකරන තොරතුරු සත්‍ය ද? අසත්‍ය ද? යන්න පිළිබඳව තහවුරුවක් නැතැයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසා ඇත.
ඔහු සඳහන් කර ඇත්තේ, ඒ සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී කිසිවක් සාකච්ඡා නොකළ බවය.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ, බීබීසී සිංහල සේවය දුරකතනය ඔස්සේ ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.
බීබීසී සිංහල සේවය ඔහුට යොමුකළ ප්‍රශ්න සහ ඒවාට ඔහු දුන් පිළිතුරු සංස්කරණය කිරීමකින් තොරව පහත පළකර තිබේ.
අධිකරණ ඇමති සහ බීබීසී සිංහල මාධ්‍යවේදියා අතර ඇති වූ දුරකතන සංවාදය
ප්රශ්නය: නඩු ඉදිරියට ගෙන යාම සඳහා නීතිපතිවරයාගෙන් ලැබෙන සහය ප්‍රමාණවත් නැද්ද?
පිළිතුර: මං ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වන්නෙ නෑ. ඒකට මූලික හේතුව මේ සමාජ මාධ්‍යවල කියන ඒවා හරි ද? වැරදි ද? කියල තහවුරුවක් නෑනෙ. ඉතින් ඒක නිසා ඔයාගෙ ප්‍රශ්නයට ප්‍රතිචාරයක් දක්වන්න බැහැ මට.
ප්රශ්නය: එතකොට ඔය කියන විදිහට එතුමාව ධූරයෙන් පහ කරන්න යම් විමර්ශනයක් කරල තියෙනවා ද?
පිළිතුර: ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡාවක් වෙලා නෑ.
ප්රශ්නය: ඒ කියන්නේ විමර්ශනයක් කරන්න තරම් දෙයක් වෙලා නෑ කියන එකද?
පිළිතුර: නෑ. ඒක නෙවෙයි මම අර්ථවත් කළේ. මං අර්ථවත් කළේ කැබිනට් මණ්ඩලය තුළ ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් වුණේ නෑ කියන එක විතරයි මම කියන්නේ.
ප්රශ්නය: ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තුවක් තියෙනවද?
පිළිතුර: සාකච්ඡා කළොත් මට කියන්න පුළුවන්. ඒක නිසා මම කියන එක ඒ වචනවලින් දාන්න. ඒ වචනෙ තමයි, කැබිනට් මණ්ඩලය තුළ නීතිපතිවරයා සම්බන්ධයෙන් හෝ ඔහු ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් වෙලා නෑ. එච්චර යි මට කියන්න පුළුවන්. අනිත් කිසි දෙයක් මම අදාළ කරගන්නෙ නෑ මගෙ උත්තරයට.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart