
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රමාද වෙමින් පැවති කොළඹ ගුවන්තොටුපළ දෙවැනි අදියර පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට අන්තර්ජාතික ලංසුකරුගේ නුසුදුසුකම පිළිබඳ ගැටලුවකට ද මුහුණ දී තිබෙන බව වාර්තා වේ.
මෙරට විශාලතම ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීමට අදාළ එම නවතම ටෙන්ඩරය 2025 මාර්තු 25 වැනි දින නිල වශයෙන් අවසන් විය.
එහිදී ප්‍රධාන ලංසුකරුවන්ගෙන් එක් අයකු වන සොජිට්ස්-එල් සහ ටී කොන්සෝර්ටියම් පිළිබඳ අනාවරණය වූ ගැටලු සහගත කරුණු දෙකක් ගුවන්තොටුපළ සහ ගුවන් සේවා කර්මාන්ත විශේෂඥයන් අනාවරණය කර ඇත.
ජපානයේ සොජිට්ස් සංස්ථාව ඊජිප්තුවේ මෑත කාලීන අන්තර්ජාතික ගුවන්තොටුපළ ලංසුවකින් තාක්ෂණිකව නුසුදුස්සකු වී ඇති බව අන්තර්ජාතික වාර්තා මෑතකදී සඳහන් කර තිබේ.
ඇලෙක්සැන්ඩ්‍රියාවේ බෝර්ග් එල් අරාබි අන්තර්ජාතික ගුවන්තොටුපළ දිගු කිරීමේ ව්‍යාපෘතියට සහභාගී වූ අවස්ථාවේ සොජිට්ස්ට නුසුදුස්සකු බව ඊජිප්තු ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ඊජිප්තු ගුවන්තොටුපළ සමාගම සඳහන් කර තිබේ.
සොජිට්ස් ප්‍රධාන ගුවන්තොටුපළ ව්‍යාපෘති භාර ගැනීමට සුදුසු යැයි නොසැළකුණ ද මෙය එක් සේවාදායකයකු විසින් පමණක් නොව, ගෝලීය ගුවන් සේවා විශ්වසනීයත්වයක් ඇති රටක ස්වෛරී ගුවන් සේවා අධිකාරියක් විසින් සිදුකර තිබීම නිසා මෙම නුසුදුසුකම බිය උපදවන සංඥාවක් මතු කරයි.
මෙම නවතම සිදුවීම, කොළඹ ගුවන්තොටුපළ ව්‍යාපෘතිය හැසිරවීමට සොජිට්ස් හි සුදුසුකම් සහ හැකියාව පිළිබඳ බරපතළ ගැටලුවක් මතු කරනු ඇත්තේ එය වඩාත් සංකීර්ණ හා තීරණාත්මක ව්‍යාපෘතියක් බැවිනි.
අනාවරණය වී ඇති දෙවැනි කරුණ නම්, සොජිට්ස් මීට පෙර ශ්‍රී ලංකා රජය අන්තර්ජාතික බේරුම්කරණයට ඇද දමා ඇති බවයි.
අතීත නඩු සහ නීතිමය ආරවුල් සම්පූර්ණයෙන් හෙළිදරව් කිරීම අනිවාර්ය කරන දැඩි මාර්ගෝපදේශ තිබියදීත්, ඔවුන් කොළඹ ගුවන් තොටුපළ ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේදී එය සම්පූර්ණයෙන්ම මඟ හැර ඇත.
සොජිට්ස් සිංගප්පූරුව පදනම් කරගත් බේරුම්කරණයකදී ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) එරෙහිව අමෙරිකානු ඩොලර් මිලියන 30 ඉක්මවන හිමිකම් පෑමක් ගොනු කර ඇත.
මෙම හිතාමතා අතපසු කිරීම මගින් පමණක් ඔවුන්ගේ ලංසුව නුසුදුස්සකු කළ හැකිය.
මෙම ගුවන් තොටුපළ ව්‍යාපෘතියට දැනට ඉදිරිපත්ව සිටින්නේ ලංසුකරුවන් දෙදෙනෙකු පමණි.
ඒ තායිසෙයි සංස්ථාව සහ සොජිට්ස් සමාගමයි.
සොජිට්ස් සමාගමට ගුවන් තොටුපළ ඉදිකිරීම් අත්දැකීම් නොමැති නිසා ඔවුන් එල් ඇන්ඩ් ටී ප්‍රධාන කොන්ත්‍රාත්කරු සමග සොජිට්ස්-එල් ඇන්ඩ් ටී සමූහය ලෙස ඉදිරිපත්ව සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart