
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටි ඇවිදින මංතීරුව දැඩි ලෙස අබලන් වී මහජනතාවට අනතුරුදායක තත්ත්වයක පවතින බැවින්, එය කඩිනමින් පිළිසකර කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරියගෙන් සහ නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා සිටී.
සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් හර්ෂ ද සිල්වා මහතා පවසා ඇත්තේ මීට වසර 15කට පමණ පෙර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලය තුළ ඉදිකරන ලද මෙම ඇවිදින මංතීරුව, උදෑසන කාලයේ ව්‍යායාමවල නිරත වන්නන් විශාල පිරිසකගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවයි.
ඔහු එහි වද්දීදුරටත් මෙසේ සඳහන් කර ඇත.
“මීට වසර 15කට පමණ පෙර ගෝඨාභය රාජපක්ෂ නිදහස් චතුරශ්‍රයේ ඇවිදින මංතීරුවක් ඉදිකළ දා සිට, මා ඇතුළු බොහෝ දෙනෙක් එහි නිතිපතා ඇවිදීමට හුරුවූහ. විශාල පිරිසක් එම උදෑසන ඇවිදීමෙන් සතුටක් ලබති. මනාව නඩත්තු කරන ලද මංතීරුවක, සාමකාමී මෙන්ම ප්‍රබෝධමත් ඇවිදීමකට පසු… සමහරවිට කොළකැඳ වීදුරුවක රස බැලීමටද ඔවුන් අමතක නොකරති…
එහෙත් ඇත්තටම, මෙම ඇවිදින මංතීරුව මෙතරම් අබලන් තත්ත්වයකට පත්ව ඇති අයුරු මම මීට පෙර කිසි දිනෙක දැක නැත. මෙහි මතුවී ඇති ගල් කැට සහ උල් වූ කොටස් ඇවිදින්නන්ට, විශේෂයෙන්ම වයෝවෘද්ධ අයට දැඩි අනතුරකි. මංතීරුව අලුත්වැඩියා කිරීම සඳහා ගෙනෙන ලද පස් මාස ගණනාවක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන එලෙසම පවතී.
නගරාධිපතිනි ව්‍රායි සහ නාගරික සංවර්ධන අධිකාරිය, යමෙකු බරපතල ලෙස තුවාල ලැබීමට පෙර මේ පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න. ස්තූතියි.”

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart