
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිවංගත ඇමැති ලලිත් ඇතුලත්මුදලි මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ආරම්භ කරමින් අධ්‍යාපනයට කරන ලද දායකත්වයට කෘතගුණ සැළකීමක් ලෙස සීතාවක විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සඳහා පවතින පශ්චාත් උපාධි ආයතනය ඔහුගේ නෙමින් නම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය විසින් ජා-ඇල නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති මහපොළ 2023 ප්‍රදර්ශනය අමතමිනි.
දැනුමෙන් පිරි පුරවැසියන් බිහිකිරීමටත් විවෘත ආර්ථිකයේ ප්රතිලාභ ග්‍රාමීය ප්‍රදේශවලට ගෙන ඒමටත් මහපොළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා, අධ්‍යාපනය කෙරෙහි ඇති කරන පරිවර්තනීය බලපෑම අවධාරණය කළේය.
දිවංගත හිටපු ඇමැති ලලිත් ඇතුලත්මුදලි විසින් ආරම්භ කරන ලද මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලට ආධාර කිරීම සඳහා මහපොළ වෙළෙඳ ප්‍රදර්ශනය ආරම්භ කරන ලදී.
ශ්‍රී ලංකාවේ අඩු වරප්‍රසාද ලත් මාපියන්ගේ දරුවන්ට අධ්‍යාපන අවස්ථා ලබාදීම මෙම අරමුදලේ අරමුණයි.
වසර 10ක විරාමයකට පසුව 226 වැනි මහපොළ පොළ මෙවර පැවැත්වෙන අතර, ප්‍රදර්ශනය දෙසැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබීම විශේෂත්වයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart