
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කරන සමාගම් දෙකෙන් පිටි මිල අඩු කරන ලෙස ඉල්ලීමක් කළත්, එය ප්‍රතික්ෂේප කළ බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.
වෙළෙඳපොළේ ඒකාධිකාරයක් භුක්ති විඳිමින් සමාගම් දෙක ශක්තිමත් වී ඇති බවත්, පිටි සඳහා තරගකාරී මිල තීරණය කිරීම සඳහා වෙළෙඳපොළ තුළ තරගයක් ඇති කළ යුතු බවත් ඇමැතිවරයා අද(21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
“පිටි ආනයනයෙන් අවම වශයෙන් සියයට 30ක් අනෙකුත් ආනයනකරුවන්ට ලබාදිය යුතුයි. සියයට 70ක් ප්‍රධාන සමාගම් දෙකට තරඟකාරී මිලක් පවත්වා ගැනීමට ලබාදිය යුතුයි. ඊට බලපත්‍රය නිකුත් කිරීම මුදල් අමාත්‍යාංශයෙන් කළ යුතුයි.” යැයි ඇමතිවරයා පෙන්වාදෙයි.
සමාගම් දෙක මිල අඩු කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, තමන් විෂයභාර ඇමැතිවරයා ලෙස පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත් කළ බවද ඇමැතිවරයා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart