
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බදු ගෙවන්නන්ගේ හැඳුනුම්පත් අංකය හෙවත් TIN නිකුත් කිරීම නතරකර නොමැති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවසීය.
එය නිකුත් කිරීමේදී මතුවිය හැකි බාධා වළක්වා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පහසුකම් සැලසීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
TIN නිකුත් කිරීම අඩාළ වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් එහිදී ප්‍රශ්න කෙරිණි.
වක්‍ර බදු ප්‍රමාණය හැකිතාක් අඩු කර සෘජු බදු ප්‍රමාණය වැඩි කිරීමට රජය අපේක්ෂා කරන බව රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.
රට තුළ සිටින පුරවැසි සංඛ්‍යාව අනුව දැනට පවතින බදු ලිපිගොනු ප්‍රමාණවත් නොවන අතර පසුගිය වසරේ විවිධ ආදායම් ලබන සමාජ කණ්ඩායම් 14ක් සඳහා නව බදු ලිපිගොනු විවෘත කිරීමට පියවර ගත් බවද ඇමැතිවරයා පැවසීය.
මේ වසරේ 18 හැවිරිදි සියලු දෙනාටම TIN එකක් ලබාදීමට පියවර ගෙන ඇතත්, ප්‍රමාණවත් උපකරණ නොමැති වීම වැනි ගැටලු කිහිපයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇති බව ඇමැතිවරයා පැවසීය.
නමුත් පසුගිය සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති දීර්ඝ සමාලෝචන රැස්වීමකදී මෙම ගැටලුවලට විසඳුම් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පිරිස් බඳවා ගැනීමට අවසර දීම, විශ්වවිද්‍යාලයෙන් පිටවන උපාධිධාරීන් සාධාරණ ගෙවීම් යටතේ අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගැනීම ඇතුළු විසඳුම් රැසක් ලබාදීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව TIN නිකුතුවට අදාළ කිසිදු කාර්යයක් කඩාකප්පල් කිරීමට ඉඩ දී නොමැති බව ඇමැතිවරයා අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart