
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය සමස්තයක් ලෙස ගත් කළ ඡන්දය සඳහා ඉදිරිපත් කළ අයවැයක් ලෙස තමන්ට පෙනී යන්නේ යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පැවසීය.
ලබන වසරේ ඡන්දය පැවැත්වීමට නියමිත බව ස්ථිර වශයෙන් මෙහිදී දැනගත් බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අයවැය කතාවෙන් පසුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී ඔහු මෙසේද පැවසීය.
”එන අවුරුද්දේ ඡන්දය තියෙන බව අපි හරියටම දැනගත්තා. මොකද ඒකට ලෑස්ති වෙලා නොයෙකුත් දේවල් ජනාධිපතිවරයා දුන්නා. 10,000ක පඩි වැඩි කිරීමක් කළා. හැබැයි ඒක ලැබෙන්නේ අප්‍රේල් පළවැනිදා ඉදලා කිව්වා. අප්‍රේල් ඔක්තෝබර් හරියේ මම හිතන්නේ ඡන්දය තියෙයි.මේ කරන්න තියෙන අයවැය ලේසි එකක් නෙවෙයි කියලා අපි දන්නවා. හැබැයි මිනිස්සුන්ට දැනෙන ඇති දැවැන්ත බර අඩු වෙන්නේ නෑ. පෞද්ගලික අංශයේ අයට 10,000ක් වැඩි කර ගන්න පුළුවන් වෙයිද.විශාල විදියට ණය ගැනීමේ සිමාව වැඩිකළා. මේ ණය කොහෙන්ද ගන්නේ. පොලී අනුපාතවලට මොනවා වෙයිද. මම හෙට මේ ගැන දිගට විග්‍රහ කරන්නම් ” යයි මන්ත්‍රීවරයා පැවසීය.
මේ අතර සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ, ”කෙටියෙන් කියනවා නම් ගිය අවුරුද්දේ අයවැයේ යෝජනා 75ක් තිබුනට ඉන් 69ක් ක්‍රියාත්මක වුණේ නෑ. ඒ තොරතුරු අරන් තියෙන්නේ RTI එක හරහා. ඒවා ක්‍රියාත්මක කරන්න සල්ලි නෑ .ඉතින් මේ සැරේ වෙන්නෙත් ඒකම තමයි යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart