
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආන්දෝලනාත්මක මාර්ගගත (ඔන්ලයින්) පනත් කෙටුම්පත සම්පාදනය කළ කමිටුවේ නාමලේඛනය ප්‍රසිද්ධියට පත්ව තිබේ.
තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රතිපාදන යටතේ සමාජ ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර විසින් කර තිබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය මෙම නාමලේඛනය ලබා දී ඇත.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්පාදනය කිරීම සඳහා පහත දැක්වෙන පිරිස සහභාගී වී තිබේ.
01. ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස
02. ජයන්ත ප්‍රනාන්දු
03. ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක
04. ආචාර්ය එච්. ඒ. එම්. හකීම්
05. නීතිඥ සන්ජිත් සේනානායක
06. නීතිඥ සේහාන් ද සිල්වා
07. නීතිඥ චමින්ද අතුකෝරළ
08. නීතිඥ චින්තක අමරසිංහ
09. නීතිඥ රුවන්ත කුරේ
10. නීතිඥ සේහානි අල්විස්
11. නීතිඥ චින්තක ප්‍රනාන්දු
12. නීතිඥ අස්විනි හපන්ගම
මේ අතර මෙම කණ්ඩායමට සිය නම ඇතුලත් කර තිබීම සම්බන්ධයෙන් අදහස් දක්වන ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක පවසා ඇත්තේ, තමා මුල් අවස්ථාවේදීම එම කමිටුවෙන් ඉවත්වූ බවයි.
සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක වැඩිදුරටත් මෙසේ පවසා ඇත.
“සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා ඇති තොරතුරකට අනුව ලබාදී ඇති ලේඛනයක Online Safety Bill එක සකස් කරන ලද කමිටු සාමාජිකයෙකු ලෙස මගේ නමද ඇතුලත් කොට ඇති නමුදු මා එම පනත මාසයක් තුළ සකස් කිරීම අවශ්‍ය බව ප්‍රකාශ වීම හේතුවෙන් මුල් අවස්ථාවේදීම එම කමිටුවෙන් ඉවත් වූ බව සදහන් කරමින් ඊට අදාල ලේඛන මෙසේ හෙළිකරමි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart