
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සිදු කරන ලද නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ පසුගිය වසරේ පැවැති ‘අරගලය’ ජනතාවගේ සිතුම් පැතුම් ඉටුකිරීමට සමත් වූ බව ශ්‍රී ලාංකික ජනතාවගෙන් 60%ක් පමණ විශ්වාස නොකරන බවයි.
2022 අගෝස්තු 10 වන දින අරගලය විරෝධතාකරුවන් ගාලුමුවදොර පිටියෙන් ඉවත් වී වසරකට පසුව, රාජ්‍ය පාලනය සහ දූෂණය පිළිබඳ ගැටළු විසඳීම, ජාතිය නැවත ගොඩනැගීම සඳහා තීරණාත්මක බව,මෙම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 51% ක් සිතන බව ද අධ්‍යයනය අවධාරණය කරයි.
2022 අප්‍රේල් 09 සිට 2022 අගෝස්තු 10 දක්වා කොළඹ ගාලු මුවදොරදී පැවැත්වූ අරගලය විරෝධතා ව්‍යාපාරය රටේ දේශපාලනයට සැලකිය යුතු බලපෑමක් ඇති කර ඇතැයි විශ්වාස කෙරේ.
නව අගමැතිවරයකු සහ ඇමැති මණ්ඩලයක් පත්කිරීම මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීම වැනි කැපී පෙනෙන සිදුවීම් මෙම කාලය තුළ සිදුවිය.
අරගලය ව්‍යාපාරය ජනතා අභිලාෂයන් ඉටු කළේද යන ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 60%ක් බොහෝ දුරට නැත යනුවෙන් පිළිතුරු දුන් අතර 11%ක් බොහෝදුරට ‘ඔව්’ ලෙස ප්‍රතිචාර දක්වා ඇත.
ඉතිරි 29% මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් ප්‍රකාශ කර නැත.
රට යළි ගොඩනැගීම සඳහා අවධානය යොමු කළයුතු වඩාත් වැදගත් කරුණු පිළිබඳව ප්‍රතිචාර දැක්වූවන්ගේ අදහස් මෙම සමීක්ෂණයෙන් තවදුරටත් ගවේෂණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart