
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශගතව සිටින වෛද්‍වරුන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවට පළ වූ ජනමාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත පවසන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශය එවැනි තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.
“වෛද්‍ය නිලධාරීන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිවාඩු අවලංගු කිරීමට අමාත්‍යාංශයට පමණක් එවැනි තීරණයක් ගත නොහැකියි. එය සිදුකළ යුත්තේ අදාළ නිලධාරීන්ගෙන් සමන්විත විමර්ශන කමිටුවක් මගින්. එමනිසා එවැනි තීරණයක් ගනු ලබන්නේ එය කමිටුව විසින් අනුමත කළහොත් පමණයි.” යැයි ලේකම්වරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥයන්ගේ හිඟයක් ඇති කරමින් මෑත අතීතයේ වෛද්‍යවරු විශාල වශයෙන් රටින් නික්මයෑම දැඩි අවධානයකට ලක්ව ඇත.
(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart