
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර 20 තරගාවලිය සඳහා සහභාගි වන 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
වනිඳු හසරංග නායකත්වය දරන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයා ලෙස චරිත් අසලංක කටයුතු කරයි.
කුසල් පෙරේරා, දසුන් ශානක සහ බිනුර ප්‍රනාන්දු ද නම් කළ කණ්ඩායමට ඇතුළත් වෙති.
දුෂ්මන්ත චමීර සංචිතයට තෝරාගෙන තිබුණ ද එක්දින තරගයක් අතරතුර ඔහු තුවාල ලබා ප්‍රතිකාර ලබමින් පසුවන බැවින් ඔහුගේ ස්ථානයට බිනුර ප්‍රනාන්දු ආදේශ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සදහන් කළේය.
දෙරට අතර පන්දුවාර 20 තරගාවලිය ලබන 17,19 සහ 21 යන දිනවලදි පැවැත්වීමට නියමිතය.
නව අලෝක පද්ධතියක් සහිතව ප්‍රතිසංස්කරණ කිරීමෙන් අනතුරුව පසුගියදා විවෘත කළ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි එම තරග පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සදහන් කළේය.
නම් කළ ශ්‍රී ලංකා පන්දුවාර 20 සංචිතය මෙසේයි;
වනිඳු හසරංග,චරිත් අසලංක,පැතුම් නිශ්ශංක ,කුසල් මෙන්ඩිස්,ධනංජය ද සිල්වා ,කුසල් ජනිත් පෙරේරා,ඇන්ජලෝ මැතිව්ස් ,දසුන් ශානක, මහීෂ් තීක්ෂණ ,බිනුර ප්‍රනාන්දු ,මතීෂ පතිරණ,ඩිල්ශාන් මධුශංක ,නුවන් තුෂාර, අකිල ධනංජය ,කමිදු මෙන්ඩිස් සහ සධිර සමරවික්‍රම.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart