
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ටී 56 ගිනි අවියක් රැගෙන කඳවුරෙන් පළායමින් සිටි යුද හමුදා සෙබළකු පලෙයි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
අය්යකච්චි පිහිටි පළමුවන යාන්ත්‍රික බලඇණි හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන අඹන්පොළ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි යුධ හමුදා සෙබළකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
මෙම සෙබළා ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ එයට යොදන උණ්ඩ 120ක් ද රැගෙන පළාගොස් තිබෙන බව පොලිසියට වාර්තා වීමෙන් අනතුරුව, පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක වී දුම්රියෙන් ගමන් කරමින් සිටි සැකකාර සෙබළා අරවියර් නගර්හිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් හමුදා සෙබළාගේ බිරිඳ වෙනත් අයකු සමග සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර, ඔහුව ඝාතනය කිරීමට මෙලෙස ගිනි අවිය රැගෙන පළාගොස් ඇති බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සෙබළා අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart