
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ මාරාන්තික නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් 40 දෙනෙකු කණ්ඩායම් තුනකට බෙදා අනුයුක්ත කර ඇති බව එම දෙපාර්තමේන්තුව ඊයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය කළේය. මෙම ගැටුමෙන් රැඳවියන් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලැබීය.
විමර්ශනවල ප්‍රගතිය මීගමුව මහේස්ත්‍රාත් ශාලනී පෙරේරා හමුවේ ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ අංක 01 සඳහන් කළේ, මේ වන විට බන්ධනාගාර නිලධාරීන් 136 දෙනෙකුගෙන්, රැඳවියන් 141 දෙනෙකුගෙන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් නවදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.
නොසන්සුන්කාරී තත්ත්වය ඇති වන අවස්ථාවේදී බන්ධනාගාරය තුළ රැඳවියන් 2,417 දෙනෙකු සහ බන්ධනාගාර කාර්ය මණ්ඩල නිලධාරීන් 166 දෙනෙකු සිටි බව විමර්ශකයෝ අධිකරණයට පැවසූහ.
CIDයට අනුව, ප්‍රචණ්ඩත්වයට මුල් වූ පළමු සිදුවීම ජූලි 5 වැනිදා සිදුව ඇත. A1 වාට්ටුවේ රඳවා සිටි ‘කටුවැල්ලේගම සුරේෂ්’ නැමැති රැඳවියෙකු, රැඳවියන් සඳහා සාමාන්‍යයෙන් ලබාදෙන මිනිත්තු 30ක ශාරීරික ව්‍යායාම කාලයට වඩා වැඩි කාලයක් ඉල්ලා තිබේ. එම ඉල්ලීම ප්‍රතික්ෂේප වූ විට ඔහු බන්ධනාගාර නිලධාරියෙකුට වාචිකව බැන තර්ජනය කර ඇත.
පසුදා වාට්ටුව විවෘත කළ අවස්ථාවේදී, එම රැඳවියා තම සිරමැදිරියෙන් පිටතට දිවගොස් A2 වාට්ටුවේ සිටි රැඳවියන් පිරිසකට ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාරය බන්ධනාගාරය පුරා පැතිර ගිය නොසන්සුන්තාවයට මුල්ම හේතුව වූ බව විමර්ශකයෝ පැවසූහ.
ආරම්භක ප්රචණ්ඩ ක්‍රියාවලදී රැඳවියන් දෙදෙනෙකු මියගිය අතර, තවත් රැඳවියෙකු පසුව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. තුවාල ලැබූ රැඳවියන් 36 දෙනෙකු රෝහල්ගත කර තිබේ.
ප්රචණ්ඩත්වය පසුව බන්ධනාගාරය පුරා ව්‍යාප්ත වූ අතර රැඳවියන් විසින් බන්ධනාගාර බෙහෙත් ශාලාවට සහ පරිපාලන ගොඩනැගිල්ලට අලාභහානි සිදුකර ඇත.
තත්ත්වය පාලනය කිරීමට නොහැකි වීම හේතුවෙන් බන්ධනාගාර බලධාරීන් ජූලි 5 වැනිදා සවස පොලිස් සහය ඉල්ලා තිබේ.
මුලින්ම මීගමුව පොලිසියේ නිලධාරීන් පැමිණි නමුත්, නොසන්සුන්තාවය උත්සන්න වීමත් සමඟ බන්ධනාගාර මූලස්ථානයෙන් ‘බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමශීලී බලකායේ’ නිලධාරීන් 89 දෙනෙකු කැඳවා ඇත.
රැඳවියන් රාත්‍රී කාලයේදී බන්ධනාගාර වහලවල් මතට නැග සංවිධානාත්මක අයුරින් හැසිරෙනු දක්නට ලැබුණු බව ද විමර්ශකයෝ අනාවරණය කළහ.
පසුදා උදෑසන බන්ධනාගාර නිලධාරීන් උදේ ආහාරය බෙදා හැරීම සඳහා බන්ධනාගාරය තුළට ඇතුළු වූ අවස්ථාවේදී නැවතත් නොසන්සුන්කාරී තත්ත්වය මතුව ඇත. එහිදී ඇතැම් රැඳවියන් නිලධාරීන්ට අනතුරු අඟවමින් “අපි ඉන්නේ ගහන්න බලාගෙන” යැයි පවසා තිබේ.
පෙරවරු 10.30 ත් 10.50 ත් අතර කාලය තුළ තත්ත්වය මහාපරිමාණ ගැටුමක් දක්වා වර්ධනය වී ඇත. බන්ධනාගාරය තුළට ඇතුළු වූ බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමශීලී බලකායේ නිලධාරීන්ට රැඳවියන් විසින් ගල්, ලී පොලු, යකඩ කූරු සහ වෙනත් ද්‍රව්‍යවලින් පහර දී තිබේ.
මීගමුව බන්ධනාගාරයේ නිලධාරීන් පරිශ්‍රය පිළිබඳව හොඳින් දැන සිටි බැවින් ඔවුන්ට බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමට හැකි වුවද, කොළඹින් පැමිණි නිලධාරීන්ට පිටතට යන මාර්ගය සොයාගැනීමට නොහැකිව ඇතුළත කොටු වී ඇත.
ප්රචණ්ඩත්වය දැඩිවීමට පෙර බන්ධනාගාර අවි ගබඩාවේ කොටසක් ආරක්ෂා කර ගැනීමට හැකි වුවද, ගැටුම අතරතුර තවත් කොටසක් රැඳවියන් අතට පත්වී ඇති බව විමර්ශකයෝ අධිකරණයට දන්වා සිටියහ. එක් අවස්ථාවකදී බන්ධනාගාරය ඇතුළත සිට නිලධාරීන් වෙත ගිනිඅවියක් ද එල්ල කර තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) මුලින්ම කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත. එයින් තත්ත්වය පාලනය කිරීමට නොහැකි වූ විට නිලධාරීන් අහසට වෙඩි තබා තිබේ. රැඳවියන් දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් නිලධාරීන් බන්ධනාගාර ද්වාරය අසල වූ විවරයකින් වෙඩි තබා ඇති අතර, ඉන් අනතුරුව විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළට ගොස් බිම වැටී සිටි නිලධාරීන් ඇතුළු කොටු වී සිටි නිලධාරීන් බේරාගෙන ඇත.
බන්ධනාගාරය තුළ තිබී ‘F-58 වර්ගයේ ස්වයංක්‍රීය රයිෆලයක්’, එක් උණ්ඩ ගැබක් සහ හිස් උණ්ඩ කොපු 271ක් සොයාගෙන ඇත.
සිද්ධිය අතරතුර බන්ධනාගාර නිලධාරීන්ට නිකුත් කර තිබූ ගිනිඅවි 60ක් (මීගමුව බන්ධනාගාරයට අයත් ගිනිඅවි 50ක් සහ වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරීන්ට අයත් ගිනිඅවි 10ක්) විද්‍යාත්මක පරීක්ෂණ සඳහා CIDය භාරයට ගෙන ඇත.
බන්ධනාගාරයේ තිබී අත්අඩංගුවට ගත් CCTV දර්ශන සහිත DVR යන්ත්‍ර අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඒවා විශ්ලේෂණය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක වෝහාරික විද්‍යාගාරය වෙත යැවීමට නියමිතය.
සිදු වූ හානිය තක්සේරු කිරීමේ වාර්තාවක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් කැඳවා ඇත.
මිනීමැරීම සම්බන්ධ දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය, ගිනිඅවි පනත සහ පොදු දේපළ පනත යටතේ විමර්ශන සිදු කරන බව CIDය පැවසීය. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ද පතා ඇති අතර, විමර්ශන අවසන් වූ පසු සැකකරුවන් හඳුනා ගැනීමට පියවර ගැනේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් ශාලනී පෙරේරා, නොසන්සුන්තාවය පැවති අවස්ථාවේ මීගමුව බන්ධනාගාරයේ සිටි සෑම රැඳවියකුටම අදාළ වාර්තා ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළාය.
එමෙන්ම, මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා ඇති සියලුම රැඳවියන්ගෙන්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරිය CIDයට නියෝග කළාය.
නඩුව ඉදිරි විභාගය සඳහා කල් තබන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart