
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ දෙවැනි වාරිකය අනුමත කිරීම කලින් අපේක්ෂා කළ පරිදි දෙසැම්බර් 06 වැනි දින නොව දෙසැම්බර් 14 වැනිදා සිදුකෙරෙනු ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව සහ පැරිස් සමාජය විසින් ඩොලර් බිලියන 5.9 ක හිඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ එකඟතාවකට එළඹීම පසුගිය බදාදා නිවේදනය කිරීමෙන් පසුව IMF විසින් මෙම තීරණය ගෙන ඇතැයි පැවැසේ.
IMF විධායක මණ්ඩලය දෙසැම්බර් 06 වැනි දින රැස්වීමකදී ශ්‍රී ලංකාව පිළිබඳ කාර්ය මණ්ඩල වාර්තාව සළකා බලනු ඇතැයි ශ්‍රී ලංකා රජය මීට පෙර අපේක්ෂා කළේය.
මූලික පුරෝකථනය මත පදනම්ව, ජනාධිපති සහ මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ විසින් 2024 අයවැය පිළිබඳ විවාදයේ මුදල් අමාත්‍යාංශයේ ඡන්ද විමසීමේදී IMF ඉදිරි ගමන ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබිණි.
කෙසේවෙතත් IMF විධායක මණ්ඩලය ශ්‍රී ලංකාවේ දෙවැනි වාරිකය පිළිබඳව සළකාබලනු ලබන්නේ 2024 අයවැය තුන්වන වර කියැවීමෙන් පසුදින, එනම් දෙසැම්බර් 14 වැනි දින පමණක් බව විශ්වාස කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart