
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ උපත ලද ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ෆාරා රූමි එරට ජාතික කවුන්සිලයේ දෙවැනි උපසභාපතිනිය ලෙස නිල වශයෙන් තේරී පත්ව තිබේ.
ඇය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පළමු ස්විස් ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියයි.
මෙරට උපත ලබා කුඩා කාලයේදී ස්විට්සර්ලන්තයට සංක්‍රමණය වූ ෆාරා රූමි පුහුණුව ලත් හෙදියක් සහ වෛද්‍ය විශේෂඥවරියක් වේ.
ඇය, COVID-19 වසංගතය අතරතුර ඇගේ සේවය හරහා දේශපාලනයට පිවිසියාය.
ඒ සඳහා ඇය 2020 වසරේදී ස්විස් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එක්වූ අතර, ඉන් අනතුරුව සොලොතර්න් හි කැන්ටන් කවුන්සිලයේ සේවය කළාය.
අනතුරුව පාර්ලිමේන්තුවට තේරී පත්වූ 34 හැවිරිදි ෆාරා සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණ, සමාජ සමානාත්මතාවය, විදේශ ප්‍රතිපත්තිය, සාම මුලපිරීම් සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිටියි.
ඇය තොරතුරු තාක්ෂණ පද්ධති විශේෂඥයකු වන මොහොමඩ් ‘රූමි’ මොහිදීන් සහ ඉස්ෆියා රූමිගේ දියණියයි.
බිෂොප් විද්‍යාලයෙන් සුළු කාලයක් අධ්‍යාපනය ලබා ඇති ඇය වයස අවුරුදු හයේදී ඇගේ මව්පියන් සමඟ ස්විට්සර්ලන්තයට සංක්‍රමණය වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart