
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට පෙර සහරාන් හෂීම් ප්‍රමුඛ කණ්ඩායම 2019 අප්‍රේල් 16 වැනි දින තාලන්කුඩ ප්‍රදේශයේ සිදුකළ අත්හදා බැලීමේ පිපිරීමක් පිළිබඳ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුවත් කර තිබී ඇති බව සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි විසින් අසන ලද වාචික ප්‍රශ්නයකට සභාවේදී පිළිතුරු දුන් සභානායක සුසිල් ප්‍රේමජයන්ත කියාසිටියේ, සහරාන්ගේ කණ්ඩායම 2019 අප්‍රේල් 16, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට පෙර සිදුකරන ලද පිපිරීම සම්බන්ධයෙන් හිටපු බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් එවක පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න දැනුවත් කර ඇති බවයි.
මෙම තොරතුරු එවක ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ද ලබාදී ඇත.
ජයසුන්දර සහ සෙනෙවිරතන යන දෙදෙනාටම සහරාන් පදිංචිව සිටින ප්‍රදේශය සහ ඔවුන්ගේ ජාලය පිළිබඳවද දන්වා තිබී ඇත.
2023 අප්‍රේල් 20 වැනි දින සභානායකවරයා දී ඇති පිළිතුරට අනුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වැළක්වීමට අපොහොසත්වීමට වගකිවයුත්තන්ට එරෙහිව නීතිපතිවරයා සහ මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පියවර ගනිමින් සිටින බව අනාවරණය වී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart