January 3, 2026

මේ මොහොතේ සිදු කළ යුතු වැදගත්ම කටයුත්ත වන්නේ රටට ආයෝජන ගෙන්වා ගැනීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ මේ මොහොතේ රට තුළ අමෙරිකානු ඩොලර් බිලියන 7.2 ක සංචිතයක් පැවතිය යුතුව ඇති බවයි.

එම සංචිත ප්‍රමාණය නියමිත පරිදි නොමැති වීම හේතුවෙන් රුපියල දෝලනය වීම ආරම්භ වන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ රුපියලක් අවප්‍රමාණය වීම යනු රටේ විදේශ ණය තොගයට රුපියල් බිලියන 40 ක බලපෑමක් එල්ල කිරීමක් බවයි.

එබැවින් මෙරටට ආයෝජන අතිශය තීරණාත්මක බව ද ඔහු පැවසුවේය.