July 7, 2025

කථා­නා­යක වෛද්‍ය ජගත් වික්‍ර­ම­රත්න මහතා සහ ඔහුගේ පෞද්ග­ලික කාර්ය මණ්ඩ­ලය වෙත පාර්ලි­මේ­න්තුව විසින් සපයා ඇති පහ­සු­කම් පිළි­බඳ මාධ්‍ය­වල පළවන විවිධ ප්‍රවෘත්ති සම්බ­න්ධ­යෙන් පාර්ලි­මේන්තු මහ ලේකම් කාර්යා­ලය විසින් නිවේ­ද­න­යක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ වත්මන් කථා­නා­ය­ක­ව­ර­යා­ගේම යෝජ­නා­වක් අනුව කථා­නා­ය­ක­ව­ර­යාට ලබා දෙන ඉන්ධන පහ­සු­කම් කැබි­නට් ඇමැ­ති­ව­ර­ය­කුට ලබා දෙන පහ­සු­ක­ම්ව­ලට සමාන වන ලෙස ලබා­දී­මට මැයි 2 දා රැස්වූ පාර්ලි­මේන්තු කාර්ය මණ්ඩ­ල­යීය උප­දේ­ශක කාරක සභා­වේදී තීර­ණය කළ බවය. ඒ අනුව වත්මන් කථා­නා­යක වෛද්‍ය ජගත් වික්‍ර­ම­රත්න මහ­තාගේ සභා­ප­ති­ත්ව­යෙන් රැස්වූ පාර්ලි­මේන්තු කාර්ය මණ්ඩ­ල­යීය උප­දේ­ශක කාරක සභා­වේදී තීර­ණය කළ පරිදි වත්මන් කථා­නා­ය­ක­ව­රයා වෙත ලබා­දෙන්නේ කැබි­නට් අමා­ත්‍ය­ව­ර­ය­කුට මාසි­කව ලබා­දෙන ඉන්ධන දීම­නාව වන ලීටර් නව­සි­ය­යක ඉන්ධන දීම­නා­වක් බව ද පාර්ලි­මේන්තු ලේකම් කාර්යා­ලය පව­සයි.

එමෙන්ම ජනා­ධි­පති ලේක­ම්ව­රයා විසින් නිකුත් කරන ලද පීඑස්/සීඑස්ඒ/00/1/4/12 දරන 2025.01.21 දිනැති චක්‍රෙල්ඛ ප්‍රකා­රව කථා­නා­ය­ක­ව­ර­යාට හිමි නිල වාහන දෙක (වාහන අංක CA 8753/CBI 5198) එතුමා විසින් භාවිත කරන අතර, කථා­නා­යක මාධ්‍ය අංශයේ භාවි­තය සඳහා වාහන අංක NC 4923 දරන වෑන් රථය ලබාදී ඇති බව ද අනා­ව­ර­ණය ක‍ළේය.

එබැ­වින් කථා­නා­යක වෛද්‍ය ජගත් වික්‍ර­ම­රත්න මහතා සහ ඔහුගේ පෞද්ග­ලික කාර්ය මණ්ඩ­ලය වෙත පාර්ලි­මේ­න්තුව විසින් සපයා ඇති පහ­සු­කම් පිළි­බඳ මාධ්‍ය­වල පළ වන ඇතැම් ප්‍රවෘත්ති පද­නම් විර­හිත බව ද ප්‍රකාශ කරයි. මේ අනුව කථා­නා­ය­ක­ව­ර­යාගේ පෞද්ග­ලික කාර්ය මණ්ඩ­ලය සඳහා බඳ­වා­ගෙන ඇති නිල­ධා­රීන් සංඛ්‍යාව 08 දෙනෙකි.

කථා­නා­ය­ක­ව­ර­යාගේ පෞද්ග­ලික ලේකම්, සම්බ­න්ධී­ක­රණ ලේකම්, මාධ්‍ය ලේකම් සහ මහ­ජන සම්බ­න්ධතා නිල­ධාරී යන තන­තුරු සඳහා අදාළ රජයේ චක්‍ර­ලේ­ඛ­වල විධි­වි­ධාන ප්‍රකා­රව නිල වාහන සහ ඉන්ධන පහ­සු­කම් හිමි වන බව ද පාර්ලි­මේන්තු ලේකම් කාර්යා­ලය නිවේ­ද­නය කරයි.

මේ සම්බ­න්ධ­යෙන් වැඩි­දු­ර­ටත් කරුණු ඉදි­රි­පත් කර­මින් පාර්ලි­මේන්තු ලේකම් කාර්යා­ලය මෙසේ ද සඳ­හන් කරයි.

එතෙක් පැවති අසී­මිත ඉන්ධන පහ­සු­කම වෙනු­වට වත්මන් කථා­නා­ය­ක­ව­ර­යා­ගේම යෝජ­නා­ව­කට අනුව කථා­නා­ය­ක­ව­රයා වෙත ලබා දෙන ඉන්ධන පහ­සු­කම කැබි­නට් අමා­ත්‍ය­ව­ර­ය­කුට ලබා­දෙන පහ­සු­ක­ම්ව­ලට සමාන වන ලෙස ලබා දීමට 2025 මැයි 02 දින කථා­නා­යක වෛද්‍ය ජගත් වික්‍ර­ම­රත්න මහ­තාගේ සභා­ප­ති­ත්ව­යෙන් පැවති පාර්ලි­මේන්තු කාර්ය මණ්ඩ­ල­යීය උප­දේ­ශක කාරක සභා­වේදී තීර­ණය කරන ලදි.

ඒ අනුව වත්මන් කථා­නා­ය­ක­ව­රයා වෙත නිකුත් කෙරෙන ඉන්ධන පහ­සු­කම කැබි­නට් අමා­ත්‍ය­ව­ර­ය­කුට ලබා­දෙන ඉන්ධන පහ­සු­ක­මට සමා­නව මස­කට ලීටර 900 දක්වා අඩු කර තිබෙන බව පාර්ලි­මේන්තු මහ ලේකම් කාර්යා­ලය දන්වා සිටියි.

එමෙන්ම ජනා­ධි­පති ලේක­ම්ව­රයා විසින් නිකුත් කරන ලද පීඑස්/සීඑස්ඒ/00/1/4/12 දරන 2025.01.21 දිනැති චක්‍රෙල්ඛ ප්‍රකා­රව කථා­නා­ය­ක­ව­ර­යාට හිමි නිල වාහන දෙක (වාහන අංක CA 8753/CBI 5198) එතුමා විසින් භාවිත කරන අතර, කථා­නා­යක මාධ්‍ය අංශයේ භාවි­තය සඳහා වාහන අංක NC 4923 දරන වෑන් රථය ලබාදී තිබේ.

කථා­නා­ය­ක­ව­ර­යාගේ පෞද්ග­ලික කාර්ය මණ්ඩ­ලය සඳහා බඳ­වා­ගෙන ඇති නිල­ධා­රීන් සංඛ්‍යාව 08 දෙනෙකි. කථා­නා­ය­ක­ව­ර­යාගේ පෞද්ග­ලික ලේකම්,සම්බ­න්ධී­ක­රණ ලේකම්, මාධ්‍ය ලේකම් සහ මහ­ජන සම්බ­න්ධතා නිල­ධාරී යන තන­තුරු සඳහා අදාළ රජයේ චක්‍ර­ලේ­ඛ­වල විධි­වි­ධාන ප්‍රකා­රව නිල වාහන සහ ඉන්ධන පහ­සු­කම් හිමි වේ.

තවද, පාර්ලි­මේ­න්තු­වෙන් ලබා­දෙන ආහාර සඳහා පාර්ලි­මේ­න්තුවේ අනෙ­කුත් විධා­යක නිල­ධා­රීන් හා සමා­නව කථා­නා­ය­ක­ව­ර­යාගේ පෞද්ග­ලික ලේක­ම්ව­ර­යාගේ මාසික වැටු­පෙන් ද ආහා­ර­ව­ලට අදාළ නිය­මිත මුදල අය කෙරෙන බව ද පාර්ලි­මේන්තු මහ ලේකම් කාර්යා­ලය සඳ­හන් කරයි.

කථා­නා­ය­ක­ව­රයා විසින් සිය නිල නිවෙස පෞද්ග­ලි­කව හෝ රැස්වීම් සඳහා හෝ වෙනත් කට­යු­ත්තක් සඳහා භාවිත නොක­රන අතර කථා­නා­ය­ක­ව­ර­යාට අදාළ සියලු නිල රැස්වීම් සහ රාජ­තා­න්ත්‍රික හමු­වීම් සියල්ල පාර්ලි­මේ­න්තුවේ පිහිටි කථා­නා­යක කාර්යා­ල­යේදී පව­ත්වනු ලබයි. එමෙන්ම කථා­නා­ය­ක­ව­රයා දැනට තාව­කා­ලි­කව පදිං­චිවී සිටින කොළඹ 04, ලෝරිස් පටු­මඟේ පිහිටා ඇති නිවෙස සඳහා අදාළ මාසික කුලිය 2007.04.20 දිනැති රාජ්‍ය පරි­පා­ලන චක්‍ර‍ෙල්ඛ 22/2006 ප්‍රකා­රව ඔහුගේ වැටු­පෙන් මාසි­කව ගෙවනු ලබන බව ද පාර්ලි­මේන්තු මහ ලේකම් කාර්යා­ලය දැනුම් දෙයි.