
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා සකස් කළ වාර්තාව අධ්‍යාපන අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර තිබේ.
හිටපු අගවිනිසුරු කේ. ශ්‍රීපවන්ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව විසින් සකස් කරන ලද වාර්තාව ඊයේ (මාර්තු 26) අමාත්‍යංශයට ලැබුණු බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේන් රාඝවන් සඳහන් කළේය.
එම වාර්තාව හොඳින් පරීක්‍ෂා කිරීමෙන් පසු ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිෂන් සභාව පිහිටුවීම මේ වසර තුළ සිදු කළ හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
“අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ පරිවර්තනය සඳහා මෙම ආයතනය තීරණාත්මක බව මම අවධාරණය කළ කරනවා,” යැයි රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව අනාවරණය කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
“2021-2022 වසර සම්බන්ධයෙන්, උසස් පෙළ විභාගය සමත් සිසුන් විශ්වවිද්‍යාල 17කට සාර්ථකව බඳවාගෙන ඇති බව පැහැදිලි කිරීමට මට අවශ්‍යයි. වෙනත් ආකාරයකින් යෝජනා කර ඇති වාර්තා තිබියදීත්, එම වසර සඳහා සිසුන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය කාලසටහනට අනුව සිදු කර ඇති බව තහවුරු කිරීමට අවශ්‍ය ලියකියවිලි මා සතුව තිබෙනවා. එහෙම නැහැ කියනවනම් ඒක අසත්‍යයක්. මීට අමතරව, ඇතැම් විශ්වවිද්‍යාලවල අවසන් වසර සිසුන්ට අධ්‍යයන කටයුතු අවසන් කිරීමේ ප්‍රමාදයන්ට මුහුණ දීමට වූ සිදුවීම් පසුගිය වාරයේ දී තිබුණා. දේශන සහ ප්‍රායෝගික සැසි සඳහා අවශ්‍ය පන්තිකාමර පහසුකම් අඩුවීම ඒකට හේතුවක්. කෙසේවෙතත්, මෙම ගැටලු විසඳීම සඳහා අපි විසඳුම් සකස් කර තිබෙනවා. මහවැලි අධිකාරියට අයත් රත්මලාන ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් වගේම කැලණිය ප්‍රදේශයේ රජයට අයත් ගොඩනැගිලි කිහිපයක් ද අපි ලබාගෙන තිබෙනවා. මෙම ගොඩනැඟිලිවල ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූ පසු මෙම ගැටලුවලට කඩිනමින් විසඳුම් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart