
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘අරගලය’ විසින් මෙරට පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය වර්ධනය කර ඇති බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් ප්‍රකාශ කළේය.
වසරක පමණ කාලයක සිට අරගලය සහ ඒ ආශ්‍රිත සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසියට පූර්ණ අවධානය යොමුකිරීමට සිදුවූ බවත්, එමඟින් වෙනත් කටයුතුවල යෙදීමට නොහැකි වූ බවත් ඔහු ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
“මේ කාලය තුළ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් වැඩිවෙලා තිබුණා. පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඬලීමට ක්‍රමානුකූලව කටයුතු කරනවා.”
පොලිස් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 20,000කට අධික සංඛ්‍යාවක් පවතින බවත්, ආර්ථික අර්බුදය හේතුවෙන් එම පුරප්පාඩු පියවරෙන් පියවර පිරවීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා කීය.
“අපි මේ වසරේ පොලිස් නිලධාරීන් 2000ක් බඳවාගෙන තිබෙනවා. ලබන වසරේ පොලිස් නිලධාරීන් 5000ක් බඳවා ගැනීමට අපි සැලසුම් කර තිබෙනවා.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart