
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ ඛේදනීය සහ සාහසික ගැටුම හුදෙක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කණ්ඩායම් දෙකක් අතර ඇති වූවක් පමණක් නොවන බවත්, ඒ පිටුපස බන්ධනාගාර බලධාරීන් යටගැසීමට උත්සාහ කරන වෙනත් බරපතල කාරණා කිහිපයක් පවතින බවත් නවතම තොරතුරු ඇසුරින් අනාවරණය වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් රජය මැදිහත් වී විශේෂ විමර්ශන කමිටු පත්කර ඇති පසුබිමක, විමර්ශකයන්ගේ විශේෂ අවධානයට යොමුවිය යුතු ප්‍රධානතම කරුණු කිහිපයක් මෙසේ පෙළගැස්විය හැකිය:
හිටපු ප්‍රධාන ජේලර්වරයා සහ ‘කාමර පාටි’ බල අරගලය
මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් ලෙස මීට පෙර සේවය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ හිටපු ඉතා ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සහෝදරයෙකි. ඔහු එම තනතුරේ සිටි කාලයේදී බන්ධනාගාරය තුළ තොරතුරු ලබාගැනීමේ අරමුණින් රැඳවියන්ගෙන් සමන්විත වෙනම කණ්ඩායමක් සාදා තිබිණි. ඔවුන් විවිධ වාට්ටුවල ‘කාමර පාටි’ (කාමර භාර ප්‍රධානීන්) ලෙස පත්කර තිබූ අතර, කාලයත් සමඟ මෙම කණ්ඩායම බන්ධනාගාරය තුළ අධික බලයක් ආරූඪ කරගනිමින් අනෙක් රැඳවියන්ට පීඩනයක් එල්ල කිරීමට පටන් ගෙන තිබේ. මෙම ‘ලොක්කාගේ සෙට් එක’ සහ ඊට එදිරිවාදි මත්ද්‍රව්‍ය කල්ලිය අතර කලක පටන් පැවති පසන් බද්ධය, ඉරිදා දින ඇති වූ පළමු ගැටුමට සෘජුවම මුල් වී ඇති බව වාර්තා වේ.
පළමු දින ගැටුමෙන් පසු නිසි පියවර නොගැනීම
සාමාන්‍යයෙන් බන්ධනාගාරයක් තුළ මෙවැනි මාරක ගැටුමක් ඇති වූ වහාම, තත්ත්වය තවදුරටත් උත්සන්න වීම වැළැක්වීම සඳහා ප්‍රහාරයට සම්බන්ධ වූ සහ ඊට නායකත්වය දුන් රැඳවියන් කණ්ඩායම (උදාහරණයක් ලෙස කටුවැල්ලගම සුරේෂ් ඇතුළු පිරිස) වහාම වෙනත් බන්ධනාගාරයකට මාරුකර යැවීම සාම්ප්‍රදායික ක්‍රමවේදයයි. එහෙත් මීගමුවේදී එම තීරණාත්මක පියවර එදින රාත්‍රියේම ගැනීමට බලධාරීන් අසමත් වූයේ මන්ද සහ ඒ පිටුපස සිටියේ කවුද යන්න බරපතල ගැටලුවකි.
මියගිය 7 දෙනාම ‘බන්ධ පොලිස්’ නිලධාරීන් වීම
සිද්ධියෙන් ඝාතනයට ලක් වූ බන්ධනාගාර නිලධාරීන් හත්දෙනාම ‘බන්ධනාගාර පොලිස්’ නිලධාරීන්ය. සඳුදා උදෑසන, බන්ධනාගාරය තුළ තත්ත්වය සාමකාමීව පවතිද්දී, ඉහළ නිලධාරියෙකුගේ අත්තනෝමතික නියෝගයක් මත මෙම ‘බන්ධ පොලිස්’ කණ්ඩායම හදිසියේම වාට්ටු තුළට යොමුකර තිබේ. ඔවුන් එහි ගොස් පෙරදින සිදුවීමට සම්බන්ධ රැඳවියෙකුට පහරදීමත් සමඟ, කලින් සැලසුම් කළ පරිදි රැඳවියන් විසින් පොලිස් නිලධාරීන් ඉලක්ක කර ගිනිඅවි පැහැරගනිමින් මෙම සාහසික සමූලඝාතනය සිදුකර ඇති බව වාර්තා සඳහන් කරයි.
ලිපිගොනු සහ ආරක්ෂක උපකරණ විනාශ වීම
මෙම කලහකාරී තත්ත්වය උපයෝගී කරගනිමින් රැඳවියන් විසින් බන්ධනාගාරයේ තිබූ සියලුම නඩු ලිපිගොනු සහ ආරක්ෂක උපකරණ සම්පූර්ණයෙන්ම විනාශ කර දමා තිබේ. මෙයින් පැහැදිලි වන්නේ මෙම කැරැල්ල හුදෙක් ක්ෂණික කෝපය නිසා ඇති වූවක් නොව, ඇතැම් අපරාධකරුවන්ගේ නඩු කටයුතු අවුල් කිරීමේ සැලසුම්සහගත වෑයමක් ද විය හැකි බවයි.
දැනට මීගමුවෙන් වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා ඇති රැඳවියන් මුල්කර ගනිමින්, අනෙකුත් බන්ධනාගාර (උදා: බෝගම්බර, කුරුවිට ආදී) තුළ ද දේශපාලනික හෝ වෙනත් අරමුණු මත කෘත්‍රිමව කැරලි තත්ත්වයන් මතුකිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.
එබැවින් මෙම සමස්ත ඛේදවාචකය හුදෙක් මත්ද්‍රව්‍යවලට පමණක් ලඝු නොකර, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ අත්තනෝමතික තීරණ, පෞද්ගලික න්‍යාය පත්‍ර සහ බල අරගලයන් පිළිබඳව ද විමර්ශන නිලධාරීන් දැඩිව සොයාබැලිය යුතුය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart