
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන වර්ජනයේ නිරත දුම්රිය පාලක සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරු එළැඹුණු එකඟතා වලට අනුව අද (07/11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය අතහැර නැවත සේවයට වාර්තා කිරීමට වර්ජනයෙන් නිරත වෘත්තීය සමිති තීරණය කර තිබේ.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 වන විට සේවයට වාර්තා කරන නිලධාරින් වෙනුවෙන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට ඇමැතිවරයා සමිති නිලධාරින් වෙත දැනුම් දෙන ලදී.
එලෙස සේවයට වාර්තා නොකරන යම්කිසි නිලධාරින් සිටිනම් ඔවුන් සම්බන්ධව නිත්‍යානුකූලව ක්‍රියාකරන බවද මෙහිදී ඇමැතිවරයා අවධාරණය කර ඇත.
ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්නගේ ද සහභාගිත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව හිටපු කතානායක කරූ ජයසූරියගේ නිල නිවසේදී පැවැත්විණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart