
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විවේක කාලයේදී පාසල් සෙල්ලම් මිදුලේ සිටියදී කඩාවැටුණු ගසකට යටවීමෙන් මියගිය පෙර පාසල් සිසුවා ඉගෙන ගත් ගම්පොළ අන්තර්ජාතික පාසලේ විදුහල්පති, සිද්ධියේ විමර්ශන කටයුතුවලට සහාය නොදී ඊයේ (6) වනතුරුත් මගහැර සිටීම පිළිබඳව ගම්පොළ ඇත්ගාල පොලිසිය ඔහුට එරෙහිව නීතිමය කටයුතු අරඹා තිබේ.
මෙම අන්තර්ජාතික පාසල තුළ පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපන කටයුතු සිදුකෙරේ.
මෙම ආයතනයේ පෙර පාසල් දරුවන් තිස්දෙනකු පෙරේදා (5) විවේක කාලයේදී සෙල්ලම් කරමින් සිටියදී අසල තිබූ අඩි 70ක් උස කුඩුදවුල ගසක් හදිසියේ කඩාවැටීමෙන් එයට යටවූ දරුවන් අතර සිටි මෙම දරුවා මිය ගොස් ඇත.
ගම්පොළ ඉල්ලුවතුර ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සහීම් අස්වි නමැති පස්හැවිරිදි මෙම දරුවාගේ මරණය පිළිබඳව ගම්පොළ ඇත්ගාල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ගම්පොළ රෝහල් හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක ඇතුළු තවත් විමර්ශන නිලධාරීන් පැමිණි සිටියද මෙම පාසලේ විදුහල්පතිවරයා එම අවස්ථාවන් මගහැර තිබූ අතර, මෙම නිලධාරීන් කිහිප අවස්ථාවකම ඔහු පිළිබඳව විමසුවද අනෙකුත් ගුරුවරු හා පාලනාධිකාරිය සිදුකර ඇත්තේ, විවිධ පිළිතුරුදීම පමණය.
ජනමාධ්‍යවේදීන් ද ඔහු සෙවීමට උත්සාහ කළේ සිද්ධිය පිළිබඳව දෙපාර්ශවයේම කරුණු ඉදිරිපත් කිරීම සඳහාය.
කෙසේවෙතත් මෙම අවස්ථාව මගහැර සිටි මොහොමඩ් ඉල්හාම් නමැති ඔහු පිළිබඳව ඇත්ගාල පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට කටයුතු කර තිබේ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart