
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුව ජනාධිපති කාර්යාලයේදී අද (01) පස්වරුවේ සිදුවිය.
ඉන්දියානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ මෙහිදී සවිස්තරාත්මක සමාලෝචනයක් සිදුකර ඇති බවත්, එම ව්‍යාවපෘතිවල ප්‍රගතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටලු සහ අභියෝග පිළිබඳ ද අවධානය යොමුකළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙන්ම දෙරටේම ධීවර ප්‍රජාවගේ අවශ්‍යතා අවබෝධ කරගනිමින් සහයෝගීතා වැඩසටහනක් ඔස්සේ දීර්ඝකාලීන විසඳුමකට එළැඹීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.
උතුරු මුහුදේ දැනට පවතින ධීවර ගැටළු පිළිබඳව ද අවධානය යොමු කර ඇති අතර ශ්‍රී ලාංකීය ධීවර ප්‍රජාවගේ අවශ්‍යතා සුරැකීමට තමන් සෑම විටම කැපවී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත.
ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයසහ ඩිජිටල්කරණ වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart