March 22, 2024

මීට පෙර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය සතුව තිබූ ඉඩම් අක්කර 234ක් ප්‍රදේශයේ ගොවීන් වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (22) නිදහස් කරන ලදී.

යාපනයේ ග්‍රාම නිලධාරී වසම් පහක ගොවීන් වෙත වගා කටයුතු සඳහා මෙම ඉඩම් කට්ටි නිදහස් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

උරුමය ජාතික වැඩසටහන යටතේ සුදුසුකම් ලත් ජනතාවට සින්නක්කර ඔප්පු මිලියන 2ක් බෙදාදීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කළ අතර, යාපනය ඔඩ්ඩකාපුලම් ප්‍රදේශයේ පැවති උත්සවයකදී 408 දෙනකුට ප්‍රතිලාභ හිමිවිය.