
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රෝහල්ගත කර සිටින ශුද්ධෝත්තම පළමුවැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් අතිශයින් දුර්වල බව වතිකානුව පවසයි.
වතිකානුව නිකුත් කළ නවතම නිවේදනයකට අනුව, පාප් වහන්සේ සිකුරාදාට වඩා දැඩි ලෙස රෝගාතුරව සිටින අතර උන්වහන්සේ දිගුකාලීන ඇදුම වැනි ශ්වසන අර්බුදයකින් පෙළෙන බැවින් රුධිර පාරවිලයනය කර ඇතැයි ද පැවසේ.
88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පෙනහළු දෙකෙහිම නියුමෝනියාව හේතුවෙන් රෝමයේ ගෙමෙල්ලි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
රක්තහීනතාවය හා සම්බන්ධ පට්ටිකා ප්‍රමාණය අඩුවීම හේතුවෙන් රුධිර පාරවිලයනය අවශ්‍ය යැයි සළකනු ලැබූ බව වතිකානුව පවසයි.
වතිකානුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ, උන්වහන්සේට ඔක්සිජන් ‘අධික ප්‍රවාහයක්’ අවශ්‍ය බවයි.
“ශුද්ධ වූ පියතුමාගේ තත්ත්වය බරපතලයි, පාප් වහන්සේ අනතුරෙන් මිදී නැත.” එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
පාප් වහන්සේ සිය සෞඛ්‍යය පිළිබඳව විවෘතභාවයක් ඉල්ලා ඇති බැවින් වතිකානුව දිනපතා ප්‍රකාශ නිකුත් කිරීමට පටන් ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart