
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, රුසියාව, මැලේසියාව සහ තායිලන්තය ඇතුළු රටවල් කිහිපයක සැඟවී සිටින බවට විශ්වාස කෙරෙන සැකකරුවන් ඉලක්ක කර ඉන්ටර්පෝල් (Interpol) රතු නිවේදන 226ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව සිය න්තර්ජාතික මෙහෙයුම් පුළුල් කර තිබේ.
මෙරටට අවශ්‍යව සිටි පලාගිය අපරාධකරුවන් 70කට ආසන්න සංඛ්‍යාවක් වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මේ දක්වා නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සමත්ව ඇති බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා පැවසීය.
ඒ අතරින් 35 දෙනෙකු ඉන්ටර්පෝල් රතු නිවේදන හරහා ද, තවත් 33 දෙනෙකු විදේශ රජයන් සමඟ ඇති කරගත් ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවන් මත ද මෙරටට පිටුවහල් කරගෙන ඇත.
නියෝජ්‍ය පොලිස්පති සොයිසා වැඩිදුරටත් කියා සිටියේ බුද්ධි තොරතුරු මත පදනම්ව 2025-2026 කාලසීමාව තුළ ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම් හේතුවෙන් සංවිධානාත්මක අපරාධ කල්ලිවලට එරෙහිව ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට හැකි වූ බවයි.
එලෙස අත්අඩංගුවට ගත් සහ පිටුවහල් කරන ලද සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් ස්වයංක්‍රීය සහ අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි 272ක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
T-56 ප්‍රහාරක රයිෆල් 83ක්, M16 රයිෆල් 1ක්, පිස්තෝල 113ක්, රිවෝල්වර 75ක් එලෙස සොයාගත් ගිනිඅවි අතර වේ.
මෙම වැටලීම් හරහා මෙරට ක්‍රියාත්මක වන නීති විරෝධී ආයුධ ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධ කල්ලිවලට දැඩි බලපෑමක් එල්ල කිරීමට හැකි වී ඇත.
පසුගිය සතියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙකු මෙරටට පිටුවහල් කර අත්අඩංගුවට ගැනීමට ඒකාබද්ධ ආරක්ෂක මෙහෙයුමක් දියත් කර තිබිණි.
පිරිමින් 19 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම සාජා නුවර සිට පැමිණි ගුවන් යානා දෙකකින් 2026 මැයි 22 වැනිදා ශ්‍රී ලංකාවට ළඟා විය.
මෑතකදී කලාපීය වශයෙන් ඇති වූ යුදමය උණුසුම සහ ප්‍රාදේශීය ආරක්ෂක තර්ජන හේතුවෙන් එමීර් රාජ්‍යය දියත් කළ දැඩි ජාතික ආරක්ෂක මෙහෙයුම් අතරතුරදී මෙම සැකකරුවන් එරට බලධාරීන් විසින් මුලින්ම අත්අඩංගුවට ගෙන තිබේ.
නියෝජ්‍ය පොලිස්පති සොයිසාට අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දේශීය නීති රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය බුද්ධි සේවාවන් සම්බන්ධ වූ ඒකාබද්ධ රාජ්‍ය තාන්ත්‍රික හා බුද්ධිමය ප්‍රයත්නයන් හරහා ඔවුන් ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇත.
පිටුවහල් කරන ලද පිරිස අතර ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධකරුවන් පස් දෙනෙකු සහ විවිධ අපරාධ වැරදි සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවන් අට දෙනෙකු පොලිසිය විසින් දැනටමත් හඳුනාගෙන තිබේ.
ඉන් සැකකරුවන් දෙදෙනෙකු ඉන්ටර්පෝල් රතු නිවේදන නිකුත් කර තිබූ පාතාල කල්ලියේ ප්‍රධාන ක්‍රියාකාරීන් බව වාර්තා වේ.
සෙසු පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට පුළුල් විමර්ශන පවත්වයි.
ශ්‍රී ලංකාවේ කිසිදු අපරාධයකට සම්බන්ධ නැති හෝ කිසිදු නඩුවක් නොමැති පුද්ගලයන් නිසි නීතිමය ක්‍රියාපටිපාටි හරහා නිදහස් කරන බවත්, බරපතළ වැරදි සම්බන්ධයෙන් සැකපිට සිටින අනෙක් අය වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග මත තබා ගන්නා බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart