
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර මහ නගර සභාවේ රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවන්ට සම්බන්ධ නිලධාරිනියන් දෙදෙනාට එරෙහිව මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට නගර සභාව මඟින් පැමිණිලි ඉදිරිපත් කර ඇතත් ඊට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය අපොහොසත් වී තිබේ.
නගර සභාවට අයත් කඩ කාමරවල කුලී අයකිරීමේදී හා කඩ කාමර වෙනත් අයට පැවරීමේදී ව්‍යාජ රිසිට්පත් ඉදිරිපත් කරමින් රුපියල් දෙකෝටි දාහත්ලක්ෂයක පමණ මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වන ගිණුම් අංශ සේවිකාවට එරෙහිව අධිකරණය මඟින් විදේශගතවීම වළක්වා ගැනීම සඳහා නියෝගයක් ලබාගැනීමට පොලිසිය කටයුතු කරනු ලැබ ඇත්තේ ද නාගරික කොමසාරිස්වරයා ඒ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් කළ ලිඛිත ඉල්ලීමකින් පසුවය.
රුපියල් ලක්ෂ 51ක මුදලක් නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයේ ප්‍රධාන කළමනාකාර සේවා නිලධාරිනිය දියණියගේ මංගල උත්සවය සඳහා රැගෙන ගොස් මේ වන විට මාස එකහමාරක පමණ කාලයක් ගත වී තිබේ. ඒ සම්බන්ධයෙන් ද නගර සභාව මඟින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මෙම මූල්‍ය වංචා සිද්ධීන් දෙක සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වන්නේ ඉබි ගමනින් බවට නගර සභා සේවකයෝ චෝදනා කරති.
අදාළ වංචාවන් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේගේ උපදෙස් මත පළාත් පාලන කොමසාරිස්වරිය විසින් පරීක්ෂණ කමිටුවක් පත්කරනු ලැබීය. එම පරීක්ෂණ වාර්තා පදනම් කර ගනිමින් අදාළ සේවිකාවන් දෙදෙනාගේ සේවය මේ වන විට අත්හිටුවා ඇත.
(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart