
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිසියට අවශ්‍ය නම් තමාව අත්අඩංගුවට ගතහැකි බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක පවසයි.
කන්කසන්තුරේ (KKS) සිමෙන්ති කම්හලෙන් මාස දෙකක කාලයක් තුළ යකඩ මිලියන 22ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් තමාට එල්ලවන චෝදනා පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පළකරමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
තමාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ඉදිරිපත් කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් අවශ්‍ය බවත්, ඊට සහාය ලබාදීම සඳහා තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යෑමට සුදානම් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ අනුමැතියක් අවශ්‍ය බැවින් තමාව අත්අඩංගුවට ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුවට අවසර දෙන ලෙස පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගෙන් ද ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
දසනායක රාජ්‍ය ඇමැතිවරයාට ප්‍රතිචාර දක්වමින් මුලසුන දැරූ නියෝජ්‍ය කතානායකවරයා කියාසිටියේ යටත් වීමට කැමැත්ත ප්‍රකාශ කිරීමත් සමඟ පොලිසියට ඕනෑම වේලාවක ඔහු අත්අඩංගුවට ගත හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart