
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
PT-6 වර්ගයේ ගුවන් යානා කඩාවැටීමෙන් මේ වන විට නියමුවන් 06දෙනකු මියගොස් ඇති බවත්, 1958 වසරේ නිෂ්පාදිත මෙම ගුවන් යානා තවමත් පුහුණු කටයුතු සඳහා යොදාගැනීම ගැටලුකාරී බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පුහුණු කටයුතු සඳහා භාවිතා කරන PT-6 ගුවන් යානා 1958 දී නිෂ්පාදනය කර ඇති අතර, ඒවායේ එන්ජින් 1961 දී නිෂ්පාදනය කර ඇති බව ඔහු අනාවරණය කළේය.
මෙම පැරණි ගුවන් යානා පුහුණු කටයුතු සඳහා යොදාගැනීම අසාධාරණ සහ කනගාටුවට කරුණක් බව පැවසූ මන්ත්‍රීවරයා ඒවා පුහුණු කටයුතු සඳහා යොදා නොගෙන කෞතුකාගාරවල තබාගත යුතු බවද කියාසිටියේය.
ඊයේ චීන වරායේදී ගුවන් නියමුවකු සහ නිලධාරියකු මියයෑමට හේතු වූ පුහුණු ගුවන් යානයක් කඩාවැටීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ විශේෂ කමිටු වාර්තාව ලැබෙන තෙක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සියලුම PT-6 වර්ගයේ පුහුණු ගුවන් යානා පියාසර කරවීම තාවකාලිකව නවත්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart