
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු හා අග්නිදිග ආසියාවේ විදුලි ගාස්තු සමග සැසඳීමේදී ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයන් ඉතා ඉහළ විදුලි බිලක් ගෙවන බව බලශක්ති උපදේශක ආචාර්ය තිලක් සියඹලාපිටිය අනාවරණය කළේය.
විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සංවිධාන කළ මහජන අදහස් දැක්වීමේ අවස්ථාවට ඊයේ (18) එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
දකුණු හා අග්නිදිග ආසියාවේ වාණිජ විදුලි පරිභෝජනය සම්බන්ධයෙන් දෙවැනි ඉහළ අගයක් ගන්නා රට ලෙස ශ්‍රී ලංකාව හැඳින්විය හැකි නැවත එහි පළමු තැන සිංගප්පූරුව පසුවන බවත් ඔහු හෙළිකළේය.
මධ්‍යම ප්‍රමාණයේ නිවාස අතරින් විදුලි ගාස්තු ගෙවීමේ මිල ගණන් අතරින් ඉහළින්ම සිටින්නේ සිංගප්පූරුව බවද, දෙවැනි ස්ථානය පිලිපීනයටද, තෙවැනි තැන ශ්‍රී ලංකාවටද හිමි බව ආචාර්ය සියඹලාපිටිය පෙන්වාදුන්නේය.
කර්මාන්තශාලා විදුලි මිල සම්බන්ධයෙන් හත් කල ශ්‍රී ලංකාව, සිංගප්පූරුව හා හොංකොං සම තත්වයේ සිටින බවද පෙන්වාදුන් ආචාර්ය සියඹලාපිටිය, වැඩිදුරටත් අවධාරණය කරන ලද්දේ තවදුරටත් විදුලි බිල වැඩිකිරීම පාරිභෝගිකයාට ඔරොත්තු නොදෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart