
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉකුත් දා සිදුකළ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.
පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් ඔස්සේ විකාශය වූ දේශපාලන වැඩසටහනකට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේය.
“මම විතරක් නෙමෙයි, ඔය සංචාරය ගැන කවුරුවත් දන්නේ නෑ….” යැයි මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.
විපක්ෂ නායකවරයාගේ ඉන්දීය සංචාරය ඉන්දීය රජය සිදුකළ නිල ආරාධනාවක් අනුව සිදු කරන ලද්දක් ද යන්න සම්බන්ධයෙන් එහිදී මන්ත්‍රීවරයාගෙන් සිදුකළ විමසීමදී ඔහු පැවසුවේ සංචාරය පිළිබඳ තමන් නොදන්නා බවයි.
කෝට්ටේ නාගරික මන්ත්‍රීවරයෙකු ද සහභාගී වූ එම සංචාරය සඳහා පක්ෂයේ ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සහභාගී නොවීම සහ ඔහු ඒ සම්බන්ධයෙන් දැනුවත් නොවීම සම්බන්ධයෙන් එහිදී මන්ත්‍රීවරයාගෙන් විමසන ලදී.
එම ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ මෙම කරුණ පදනම් කර ගනිමින් තමන් පාර්ලිමේන්තුවේදී ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සමච්ඡලයට ලක්වූ බවයි.
එමෙන්ම තමන් ද එම සංචාරය පිළිබඳ දැනුවත් වූයේ පුවත්පත් මගින් සහ ප්රවෘත්ති ඔස්සේ බවයි.
මෙම තත්වයෙන් නිරූපණය වන්නේ පක්ෂය තුළ පවතින අභ්‍යන්තර ගැටලුවක් ද යන්න සම්බන්ධයෙන් එහිදී මන්ත්‍රීවරයාගෙන් සිදු කළ විමසීමේදී ඔහු පැවසුවේ එවැනි අර්බුධයක් පක්ෂය තුළ නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart