
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මතභේදයට තුඩු දී ඇති ‘මල්වාන මන්දිරය’ මේ වන විට රජයේ දේපළක් බවත්, රාජ්‍ය දේපළක් බව නොදැන අරගල කාලයේදී එය ගිනිතබා ඇති බවත් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පවසයි.
මල්වානේ දේපළ අධිකරණ අමාත්‍යාංශයට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවත් ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
“මල්වාන දේපළවලට කිසිම පාර්ශ්වයක් හිමිකම් නොකියන බව පුවත්පත් හරහා දැනගත් විට මම එය අධිකරණ අමාත්‍යාංශයට පවරා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඊට කැබිනට් අනුමැතිය ලැබුණා. එම ක්‍රියාවලිය සෙමින් ඉදිරියට යනවා. එය අධිකරණ අමාත්‍යාංශයට පවරා ගැනීමට නියමිතයි. අවාසනාවකට අරගලයේ ක්‍රියාකාරීන් එයට ගිනි තැබුවේ එය දැන් රජයේ දේපලක් බව නොදැන විය හැකියි.”
ඇමැතිවරයා මේ බව කියා සිටියේ මල්වාන මන්දිරය සම්බන්ධයෙන් ජාතික ජන පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනි.
මෙම මල්වානේ මන්දිරය හිටපු ඇමැතිවරයකු වන බැසිල් රාජපක්ෂ විසින් ඉදිකළ බවට ප්‍රසිද්ධියට පත්වූ නමුත්, හිටපු ඇමැතිවරයා ඊට හිමිකම් පෑමක් සිදුකර නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart