
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක අද (08) පාර්ලිමේන්තුව අමතමින් අශෝභන ලෙස භාෂාව භාවිත කිරීම පිළිබඳව සභාවේ සිටි මන්ත්‍රීවරු රැසක්ම සිය විරෝධය පළකළහ.
ඔහු කන්කසන්තුරේ යකඩ කොල්ලකෑමක් සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පිළිබඳව සඳහන් කරමින් ව්‍යවස්ථාදායකය තුළ භාවිතයට නුසුදුසු යැයි සැළකෙන වචන භාවිත කළේය.
විපක්ෂයේ පක්ෂ නායකයෝ රැසක්ම, එවැනි පාර්ලිමේන්තුවට නොගැලපෙන භාෂාවක් භාවිත කිරීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකළ අතර, නියෝජ්‍ය කතානායකවරයා විසින් රාජ්‍ය ඇමැතිවරයාව පාලනය නොකිරීම සම්බන්ධයෙන් විරෝධය පළකළහ.
පාර්ලිමේන්තු ගැලරියේ සිට සැසිවාරය නරඹමින් සිටි පාසල් සිසුන් ඉදිරියේ එවැනි භාෂාවක් භාවිත කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැතිවරයාට අනෙකුත් මන්ත්‍රීවරුන් විසින් එහිදී දොස් පවරනු ලැබීය.
කෙසේ වෙතත්, මෙම කරුණ කථානායකවරයාගේ අවධානයට යොමුකිරීමෙන් අනතුරුව රාජ්‍ය ඇමැතිවරයාට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සහතික වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart