May 13, 2026

ඉන්ධන පරිභෝජනය අඩු කිරීම රජයේ අරමුණ බවත් ඒ අනුව ඉන්ධන මිල ඉහළ දැමීම වැනි තීරණ ගත් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ගෝලීය ඉන්ධන වෙළඳපොලේ මිල ඉහළ යෑම හේතුවෙන් රටේ ඩීසල් ලීටරයක මිල රුපියල් 720 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

කෙසේවෙතත්, ලීටරයකට රුපියල් 392 බැගින් මහජනතාවට ඩීසල් ලබා දීම සඳහා රජය දැනට ලීටරයකට රුපියල් 100ක පමණ සහනාධාරයක් දරන බව ඔහු අවධාරණය කළේය.

මේ හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සැළකිව යුතු පාඩු ලබන බව ඔහු තවදුරටත් සඳහන් කළ අතර එවැනි ක්‍රමයක් දිගු කාලීනව තිරසාර නොවන බවට අනතුරු ඇඟවීය.