
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ධුරයේ වැඩ භාරගෙන මාසයක් ගතවීමටත් මත්තෙන්, ශ්‍රී ලංකාවේ නව චීන තනාපති වේයි හුවාෂියෑං දිවයිනේ ප්‍රධාන ස්ථාන කිහිපයක නිරීක්ෂණ සංචාරයක නිරත වී ඇත.
මෙම සංචාරයේදී ඔහු හම්බන්තොට, ගාල්ල සහ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ නිරීක්ෂණ කටයුතු සඳහා එක්විය.
හම්බන්තොට ‘අපේක්ෂාවේ ගම්මානය’ (Hope Village) වෙත ගිය තනාපතිවරයා, චීන ආධාර ඇතිව ක්‍රියාත්මක හරිතාගාර ව්‍යාපෘතිය සහ ළඟදීම විවෘත කිරීමට නියමිත පානීය ජල ව්‍යාපෘතිය නිරීක්ෂණය කරමින් ප්‍රදේශවාසීන් සමඟ සුහද කතාබහක නිරත විය.
ගාල්ල නගරයේදී ප්‍රදේශයේ සුන්දරත්වය විඳගත් ඔහු, “අලුත් අලුත් අත්දැකීම්, හදවතින්ම නැගෙන සිනහවන්, මිත්‍රත්වයේ ගීත සහ ප්‍රබෝධමත් දේශීය පරිසර කටයුතු සඳහා සහාය වීම. අපගේ සියලු නව මිතුරන්ට ඉදිරි ජීවිතයකට සුබ පතමි!” යනුවෙන් සිය ‘X’ ගිණුමේ සටහනක් තබා තිබිණි.
1976 වසරේ පැවැති නොබැඳි ජාතීන්ගේ සමුළුව වෙනුවෙන් චීන ආධාර ඇතිව ඉදිකරන ලද කොළඹ BMICH පරිශ්‍රයට ද තනාපතිවරයා පැමිණ තිබේ.
මේ සම්බන්ධයෙන් සටහනක් තබමින් චීන තානාපති කාර්යාලය පවසා ඇත්තේ, ශ්‍රී ලාංකේය විහාරස්ථානයක ආකෘතියෙන් චීන ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් නිර්මාණය කළ BMICH ශාලාව, අර්ධ සියවසකට පසුවත් චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයේ නොසැලෙන සංකේතයක් ලෙස තවමත් බැබළෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart