
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව ත්‍රස්ත විරෝධී නීති කෙටුම්පත මෙම සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඉන්පසුව මහජන අදහස් විමසීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.
“නව කෙටුම්පත ලබන සතිය වන විට ඉංග්‍රීසි භාෂාවෙන් සූදානම් විය යුතුයි, එය ජනාධිපතිවරයාට සහ අනෙකුත් අදාළ පාර්ශවයන්ට ඉදිරිපත් කළ යුතුයි,” යනුවෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පසුගිය සතියේ ප්‍රකාශ කර තිබිණි.
ලේඛනය භාෂා තුනටම පරිවර්තනය කළ පසු මහජන සමාලෝචනය සඳහා විවෘත වන බව ඔහු තවදුරටත් පැවසීය.
“ධවල පත්‍රිකාවක ස්වරූපයෙන් මහජන අදහස් විමසීමේ කාල සීමාවක් අනුගමනය කරයි. ලේඛනය සිංහල සහ දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමට කාලය අවශ්‍ය වෙන්න පුළුවන්. ප්රජාතන්ත්රවාදී සහභාගීත්වය සඳහා මහජන අදහස් විමසීම අත්‍යවශ්‍ය යැයි සළකනවා. පාර්ලිමේන්තු සමාලෝචනයට පෙර මහජන අදහස් සඳහා ඉංග්‍රීසි අනුවාදය අවම වශයෙන් මාසයක්වත් දීල තියන්න ඉන්නේ.”යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.
හැකිතාක් ඉක්මනින් නව නීති සම්පාදනය කිරීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
“ඉලක්කය වන්නේ උපදේශනය සම්පූර්ණ කර වසරක් තුළ කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි.” යැයි ඔහු පැවසීය.
මෙම වර්ධනය සිදුවන්නේ විවිධ විදේශීය රජයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ද වත්මන් නීතියේ කුරිරු ස්වරූපය අහෝසි කරන ලෙස රජයට බල කිරීමත් සමඟය.
පසුගිය මාසයේ මුලදී, රජය ප්‍රකාශ කළේ සැප්තැම්බර් මාසය වන විට නව නීතිය ගෙන එන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart